2019 වසරේ මාධ්‍යවේදීන් 63ක් ඝාතනය වෙලා !

2019 වසරේ මාධ්‍යවේදීන් 63ක් ඝාතනය වෙලා !

2018 වර්ෂයේ වෘත්තීය මාධ්‍යවේදීන් 63 දෙනෙකු රැකියා අතරතුරදී ඝාතනය කර ඇති බව ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.

ලොව පුරා ආන්දෝලනයට තුඩු දුන් මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය මේ අතර වෙයි.

මෙම වර්ෂයේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් පළමු වැනිදා දක්වා කාලයට අදාළ තොරතුරු සළකා බැලීමෙන් මෙම වාර්තාව සකසා ඇත.

මියගිය අය අතරින් වැඩි පිරිසක් ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදීන් වේ.

ඝාතනය වූ මාධ්‍යවේදීන් අතර ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදීන් 15 දෙනෙකු ද, සිරියානු මාධ්‍යවේදීන් 11 දෙනෙකුද, මෙක්සිකෝ මාධ්‍යවේදීන් 9 දෙනෙකු ද, යේමන මාධ්‍යවේදීන් 8 දෙනෙකු ද වෙති.

ගිය වර්ෂයේ මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව 53 දෙනෙක් ඝාතනය වී ඇති අතර මේ වර්ෂයේ මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව පසුගිය වර්ෂයට සාපේක්ෂව 8 කින් ඉහළ ගොස් ඇත. 

මෙම ඝාතන බහුතරයක් සිතාමතා සිදුකළ ඝාතන බව ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.

සෞදි රජය විවේචනයට ලක් කරමින් ලිපි ලියූ ජමාල් කෂෝගි ඝාතනය ඒ අතර වෙයි.

මෙවැනි සිදුවීම් මාධ්‍යවේදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවත් යුක්ති සහගත නොවන බවත් ඔවුහු පැවසුහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න