IS ඉන්දියාවේ පළාතක් නම් කරලා!

IS ඉන්දියාවේ පළාතක් නම් කරලා!

ISIS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය ඉන්දියාව තුළ සිය ඉස්ලාම් රාජ්‍යයේ පළාතක් ස්ථාපිත කළ බව නිවේදනය කර තිබේ.

එය ඉන්දියාවේ කාශ්මීර් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කළ මෙම ඉස්ලාම් රාජ්‍යයේ නවතම පළාත වලියාහ් ඔෆ් හින්ඩ් ලෙස නම් කර ඇතැයි ඔවුන්ගෙ අමාක් පුවත් වාර්තා පවසයි.

කාශ්මීරයේ ක්‍රියාත්මක ආයුද සන්නද්ධ සටන්කරුවන් සහ ඉන්දීය ආරක්ෂක අංශ අතර පසුගියදා ෂොපියාන් දිස්ත්‍රික්කයේ, අම්ෂිපෝරා නගරයේදී ඇති වූ දරුණු ගැටුම්වලින් පසුව ඔවුන් මෙම නව ඉස්ලාම් රාජ්‍යය පළාත ප්‍රකාශයට පත්කර ඇති බවද සඳහන් වෙයි.

එමෙන්ම, සිරියාව සහ ඉරාකය කෙනේද්‍ර කරගනිමින් බිහිකළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත රාජ්‍යය පසුගිය අප්‍රේල් මාසයේදී බිඳ වැටීමත් සමග ඔවුන් මේ ආකාරයේ නව ප්‍රහාර සහ නව ඉසව් වෙත සිය ජාලය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, ඉන්දියාව මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දැක්වීමක් සිදුකර නොමැති අතර, මෑතකදී ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද අවදානම ඉහළ යෑම දක්වාම මෙම ප්‍රදේශයේ ත්‍රස්ත ක්‍රියා හේතු විය.

පසුගියදා ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරමින් එල්ලකළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයද ISIS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ප්‍රහාරක ජාලය දකුණු ආසියාව වෙත දිගුකළ අවස්ථාවක් බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න