දකුණු අප්‍රිකාව යළිත් සිරිල් රම්පෝසාට

දකුණු අප්‍රිකාව යළිත් සිරිල් රම්පෝසාට

දකුණු අප්‍රිකානු මහමැතිවරණයෙන් ජය ගැනීමට ජනාධිපති සිරිල් රම්පෝසාගේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය සමත් විය.

පසුගිය අටවැනිදා පැවති දකුණු අප්‍රිකානු මහමැතිවරණයෙන් අප්‍රිකානු ජාතික කොංග්‍රසය ජයග්‍රහණය කළේ සියයට පනස් හතයි දශම පහක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගනිමිනි.

කෙසේ නමුත් 1994 වර්ෂයේ සුදු ජාතික පාලනය අවසන් කිරීමෙන් පසුව එම කොංග්‍රසය මහමැතිවරණයකදී ලබාගත් අවම ඡන්ද ප්‍රතිශතය මෙය බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එහෙත් මෙම ජයග්‍රහණයත් සමඟ අඛණ්ඩව හය වන වරටත් රටේ පාලන බලය හිමිකර ගැනීමට අප්‍රිකානු ජාතික කොංග්‍රසය සමත්ව තිබීම විශේෂත්වයකි.

මෙහිදී එරට පළාත් නවයෙන් අටකම බලය එම පක්ෂයට හිමිව ඇත.

එහිදී ජයග්‍රහණය සඳහා උරදුන් පිරිසට ස්තූතිය පල කළ ජනාධිපතිවරයා ආර්ථික වර්ධනයක් ඇති කරමින් රටට නව යුගයක් උදා කරන බවද ප්‍රකාශ කළේය.

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකබ් සූමා ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් 2018 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ සිරිල් රම්පෝසාය.

එලෙස ධුරයට පත්වීමෙන් පසුව රම්පෝසා මුහුණපෑ පළමු මහමැතිවරණයද මෙයයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න