තාප තරංග ඉන්දියාවේ පුද්ගලයින් 28 ක් මරා දමයි

තාප තරංග ඉන්දියාවේ පුද්ගලයින් 28 ක් මරා දමයි

ඉන්දියාවේ නැගෙනහිර බිහාර් ප්‍රාන්තයට බලපා ඇති තාප තරංග කාලගුණික තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් විසි අට දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඔවුන්ගෙන් බහුතරය වයස්ගත පුද්ගලයන් බව රෝහල් වාර්තා සදහන් කරන අතර තාප තරංග හේතුවෙන් බිහාර් ප්‍රාන්තයේ පාසැල් ඇතුළු අධ්‍යාපන ආයතන වසාදැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් රෝගීවූ සියයකට අධික පිරිසක් රෝහල් ගතකර ඇතැයිද විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

ඔවුන්ගෙන් වැඩිපිරිස වයස අවුරුදු 55ත් 60ත් අතර පසුවන කඳුකර ප්‍රදේශවල වාසය කරන අය වෙති.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන මෙම තාප තරංග කාලගුණය නිසා වාර්ෂිකව ලොව පුරා පුද්ගලයන් බොහෝ පිරිසක් මියයන බවත් එම සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

2015 වර්ෂයේදී තාප තරංග කාලගුණයට ගොදුරු වීමෙන් ඉන්දියාවේ මරණ දෙදහසකට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න