Language Switcher

V2025

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ මොලූක්කු මුහුදේ අද උදැසන භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වේ. රික්ටර් මාපකයේ 7.1 ක ප‍්‍රභලත්වයකින් යුතුව සිදු ව ඇති එම භූ කම්පනය තුළින් මේ වන විටත් කිසිදු අනතුරක් සිදුව නොමැත.

සුලවේසි සහ මල්කුකූ දිවයින් අතර වන කිලෝ මීටර් 24ක් ගැඹුරු මුහුදේ මෙම භූ කම්පනය සිදු ව ඇතත් සුනාමි අනතුරුඅ හැගවීම් ක‍්‍රියාත්මක වී නොමැති බවද සදහන්ය.