ග්‍රීක පාලක පක්ෂයට ජනතා අකමැත්ත

ග්‍රීක පාලක පක්ෂයට ජනතා අකමැත්ත

ග්‍රීක මැතිවරණයෙන් පාලක සරීසා පක්ෂය පරාජයට පත් වී ඇත. ජයගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක කිරියාකොස් මිට්සොටෝකිස් එරට මීළඟ අගමැතිවරයා ලෙස තේරී පත්වීමට නියමිතය.

ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ග්‍රීසියේ නව වෙනසක් කිරීම සඳහා ජනතාව තමන්ට ජනවරමක් ලබාදුන් බවයි.

නිකුත් වී තිබූ ප්‍රතිඵලවලට අනුව කිරියාකොස් මිට්සොටෝකිස් නායකත්වය දුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 39.6 % ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන මැතිවරණයේ පෙරමුණ ගෙන තිබූ අතර පාලක සරීසා පක්ෂයට ලබා ගැනීමට හැකිවුණේ සියයට 31.6% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

වාමාංශික පක්ෂයක් වන සරීසා පක්ෂයට නායකත්වය දුන් ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් 2015 සිට එරට පාලනය කළේය.

ග්‍රීක මැතිවරණ ක්‍රමය යටතේ පක්ෂයක් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ජාතික මට්ටමෙන් සියයට 3 ක ඡන්ද ප්‍රතිශතයක් ඉක්මවා යා යුතු අතර ආසන 300 න් 250 කට මන්ත්‍රීවරුන් පත් වන්නේ සමානුපාතික ක්‍රමයක් යටතේයි.

මෙවර මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 155ත් 167ත් අතර ප්‍රමාණයක් දිනාගනු ඇත.

වැඩිම ඡන්ද ප්‍රමාණය දිනාගන්නා පක්ෂයට ආසන 50 ක් ප්‍රසාද ලෙස හිමි වන අතර මෙම ප්‍රසාද ආසන ක්‍රමය මෙවර මහ මැතිවරණයෙන් පසු අවලංගු වීමද විශේෂත්වයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න