මේ වන විට යේමනය පුරා කොළරා රෝගය ඉතා සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කර සිටියි.
මේ වසරේ ගත වු මාස කිහිපය තුළ කොලරා රෝගීන් හාර ලක්ෂ හැට දහසකට අධික පිරිසක් වාර්තා වි ඇති බව සදහන් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ හේතුවෙන් 700කට අධික පිරිසක් මියගොස් ඇති බවද සදහන කරයි.
රෝගය වැළදී ඇති පිරිසෙන් ලක්ෂ 2ක පිරිසක් පාසල් සිසුන්ය.
පසුගියදා යේමනයට ඇති වූ ගංවතුර තත්වයත් සමග කොළරා රෝගය සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන්නට ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදහසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
