ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ යුකියා අමානෝ මහතා හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
2009 වසරේ සිට න්‍යෂ්ටික බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඔහු 2020 මාර්තු මාසය වන තුරු අදාළ ධූරයේ කටයුතු කිරීමට නියමිතව තිබිණ. මිය යන විට ඔහු 72 වන වියේ පසු විය.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ඇතුළු අතිශය සංකීර්ණ න්‍යෂ්ටික ගිවිසුම් සම්බන්ධයෙන් නියාමකයෙකු ලෙස ඔහු සිය ආයතනය මෙහෙයවනු ලැබූ අතර ඒ වෙනුවෙන් අවබෝධයක් මෙන්ම කැපවීමක්ද ඔහු සතු විය.
ඔහුගෙන් හිස්වන ධුරය සඳහා පත්වන නව ප්‍රධානියා පිළිබඳ ඉඟියක් හෝ මෙතෙක් ඉදිරිපත්ව නොමැති අතර ලබන සතියේදී එම නව පත්වීම සිදුවනු ඇති බව පැවසේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
