සිම්බාබ්වේ ආහාර අර්බුදය උග‍්‍ර වෙයි

සිම්බාබ්වේ ආහාර අර්බුදය උග‍්‍ර වෙයි

සිම්බාබ්වේ වැසියන්මගෙන් මිලියන 05කට අධික පිරිසක් ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසා සිටියි.

නියඟය ඇතුළු ආපදා තත්ත්වයන් සහ ආර්ථික අර්බුදය මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා සිටින්නේ.

මේ වසර ආරම්භයේදී සිම්බාබ්වේ රාජ්‍යයට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 570,000ක පමණ පිරිසක් පීඩාවට පත් වු අතර නිවාස දසදහස් සංඛ්‍යාවක් හානියට පත් විය.

මේ දිනවල එරටට බලපා ඇති දැඩි නියං කාලගුණ තත්වය හේතුවෙන් සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනන්ගාවා දිනයේදී හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න