ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් 15%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

මාස හතරකට පසු බොරතෙල් සඳහා වාර්තා වූ ඉහළම මිල මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

සෞදි අරාබියේ ප්‍රධාන බොරතෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන දෙකකට ඉකුත් සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු ගෝලීය බොරතෙල් සැපයුමේ 5% වැඩි ප්‍රතිශතයකට බලපෑම් එල්ල වීම මීට හේතුව ලෙස සඳහන් ය.

මේ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල 19%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර, එම බොරතෙල් බැරලයක් අළෙවි කෙරෙන්නේ අමෙරිකානු ඩොලර් 71යි සත 95ක මිලකටයි.

ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල 15%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර එම බොරතෙල් බැරලයක් ඩොලර් 63යි සත 34ක මිලකට අලෙවි කෙරේ.

මෙම ප්‍රහාරයෙන් සිය දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 5. 7කින් පහත වැටුණු බව සෞදි අරාබිය ප්‍රකාශ කරයි.

මෙම ප්‍රහාරය සෞදි අරාබියේ ගෑස් සහ බොරතෙල් නිෂ්පාදනයෙන් 50%ක ප්‍රතිශතයක් බිඳ හෙළීමට හේතු විය.

සෞදි අරාබියට එල්ල වූ මෙම ප්‍රහාරයේ වගකීම යේමනයේ හූති කැරලිකරුවන් භාරගත් නමුත් අමෙරිකාව පවසන්නේ, ප්‍රහාරය ඉරානය දෙසින් එල්ල වූ බව ය.

ප්‍රහාරයෙන් සිය බොරතෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානවලට සිදු වූ විශාල හානිය හමුවේ බොරතෙල් නිෂ්පාදන කටයුතු යළි යථා තත්ත්වයට පත්වන දිනය පිළිබඳව නිශ්චිතව තහවුරු කළ නොහැකි බව සෞදි අරාබිය ප්‍රකාශ කරයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න