ට්‍රම්ප් සහ මෝදි අතර හමුවක්

ට්‍රම්ප් සහ මෝදි අතර හමුවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  අතර අද තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරය ආරම්භ කරන්නේ එරට සිටින ඉන්දියානුවන් 50,000 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන දැවැන්ත සංස්කෘතික ප්‍රසංගයකිනි.

ඒ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නගරයේදී පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා සදහන් කරයි. 

භාරතීය සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත එම ප්‍රසංගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සහභාගී වන බවත්, දෙරට අතර වෙළෙඳ යුද්ධය සමතයකට පත් කිරීම සම්බන්ධයෙන්   නායකයින් දෙපළ අතර සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

අමෙරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ඉන්දියාව පැන වූ තීරු බදු මෙන් ම ඉන්දීය භාණ්ඩ සඳහා අමෙරිකාව පැන වූ තීරු බදු ලිහිල් කිරීම සම්බන්ධයෙන් එහිදී එකඟතාවකට පැමිණෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරති.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එලෙස අමෙරිකාවට පැමිණ තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න