ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර රත් වෙයි

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර රත් වෙයි

වසර 122 කින් පසුව ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට වාර්තා සහගත ලෙස උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් ඇතිව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.

පසුගිය සෙනසුරාදා දිනයේ පර්ත් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිහයි දශම හතරක් ලෙස වාර්තා වී ඇත.

පර්ත් ගුවන්තොටුපොළ ආශ්‍රිත උෂ්ණත්වය මීටත් වඩා ඉහළ ගොස් ඇති බවයි වාර්තාවල සදහන් වෙයි.

පසුගිය සෙනසුරාදා දිනයේ ලෝකයේ ස්ථාන රැසකින් උෂ්ණාධික කාලගුණයක් වාර්තා වූ අතර, ඕස්ට්‍රේලියාවේ ස්ථාන 10 ක මෙම කාලගුණ තත්ත්වයන් වාර්තා විය. ලබන බදාදා දිනය වන විට ඇඩිලේඩ් නගරයට සෙල්සියස් අංශක හතළිස් දෙකක උෂ්ණත්වයක් වාර්තා විය හැකි බව  කාලගුණ අංශ සදහන් කරයි.

නිව් සවුත්වෙල්ස් සහ ක්විස්ලන්ඩ් ප්‍රාන්තවලට බලපෑ ලැව් ගිනි තත්ත්වයත් සමග උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න