කලාපීය ආර්ථික සහයෝගීතාවට ඉන්දියාව සම්බන්ධ නොවේ

කලාපීය ආර්ථික සහයෝගීතාවට ඉන්දියාව සම්බන්ධ නොවේ

ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම ලෙස සැලකෙන කලාපීය ආර්ථික සහයෝගීතාවයට සම්බන්ධ නොවන බව ඉන්දියාව නිවේදනය කළේ ය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ, RCEP යනුවෙන් ද හැඳින්වෙන මෙම ගිවිසුම එකඟවූ ප්‍රතිපත්ති අනුකූලව පවත්වාගෙන නොයන බැවින් මෙම පියවර ගත් බවයි.

මෙම ගිවිසුම සියලු පාර්ශවයන් වාසි ලබන අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයක් විය යුතු බව ඉන්දියාව මීට පෙර පවසා තිබිණ.

මෙම නිදහස් වෙළඳ ගිවිසුමට එළඹුණහොත් සිය වෙළඳපොළ ලාභදායී චීන නිෂ්පාදනවලින් පිරී ගොස් දේශීය නිෂ්පාදකයන්ට අහිතකර බලපෑම් එල්ලකරනු ඇතැයි ඉන්දියාව බියපළ කර තිබේ.

ඉන්දියාව ගිවිසුමට අත්සන් නොතැබීම හමුවේ , චීනය මෙම ගිවිසුමෙන් වැඩිම වාසි අත්කරගන්නා රාජ්‍යය බවට පත්වනු ඇති.

ඉන්දියාවෙන් තොරව මෙම ගිවිසුමට එළැඹීමට ඊට අත්සන් තැබීමට නියමිත අනෙක් රටවල් 16 එකඟත්වය පළකර තිබේ.

එම අත්සන් තැබීම ලබන වසරේ සිදුවනු ඇති.

මෙම රටවල් 16 අතරට ආසියාන් සංවිධානයේ සාමාජික රටවල් 10 සහ චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් අයත්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න