තිලක් සේනාසිංහ විසින් රචිත අලුත්ම ගවේෂණාත්මක ග්‍රන්ථය වන ‘පැරණි මත ගැන අලුත් දැනුමක්’ එළඹෙන 27වන දා ප.ව. 2.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ එළිමහන් පීඨිකාවේ දී ජනගත කිරීමට නියමිත ය.
මෙහි දී, මේ වන විට පෙර අපර දෙදිග මතවාද අනුව බරපතළ විසංවාදාත්මක මට්ටමක පවතින ‘බලි තොවිල් ශාන්තිකර්මවලින් සුවසෙත උදා කරගත හැකිද?’ යන්න සුසංවාදාත්මක මට්ටමකට ගෙන ඒමේ අරමුණින් හිටපු මානව විද්‍යා මහාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් මානව විද්‍යාත්මක පදනමින් ද, විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් විසින් මනෝ වෛද්‍ය විද්‍යාත්මක පදනමින් ද මෙහි දී කෙටි දෙසුම් දෙකක් පවත්වනු ඇත.
ඒ අතරේ 1960–1980 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ පාඨක සංඛ්‍යාව පුළුල් පරාසයක් තෙක් විහිදුවාලූ, ‘මාරක කතා චක්‍රවර්ති’ යන පොදු ජන අභිධානයෙන් පිදුම් ලද අභාවප්‍රාප්ත ඩීමන් ආනන්ද ගේ නමට ‘පැරණි මත ගැන අලුත් දැනුමක්’ කෘතිය පුද කර ඇති අතර, ඔහුගේ එකම දියණිය වන වරුණි ෂර්මිලා ආනන්ද වෙත එදින මෙම කෘතිය පිළිගැන්වෙනු ඇත. මෙය ඩීමන් ආනන්ද මෙවැනි සම්භාවනාවකට ලක් වන මුල්ම අවස්ථාව ද වනු ඇති බව කතුවරයා සඳහන් කරයි.
වැඩසටහන මෙහෙයවනු ලබනන්නේ: කොළඹ, රත්නපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල හිටපු මහ දිසාපතිවරයකු වන සුනිල් කන්නන්ගරයන් විසිනි.
විමසීම් / දැනුම් දීම්: 0773596107 තිලක් සේනාසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
