ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහා හකුළා ගන්නා ලෙස රජයට බලකරමින් සංවිධානය කළ විරෝධතා පාගමන සහ ජන රැළිය අද (24) බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවැතිවිණි.
පසුගිය දින කිහිපය පුරා මෙම විරෝධතාවයට විවිධ පාර්ශ්ව එක් නොවන බවට ප්‍රචාර පැවතිය ද, පැවති අයහපත් කාලගුණය සහ ධාරාණිපාත වර්ෂාව මධ්‍යයේ වුව ද,
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවට විශාල ජනකායක් ඒකරාශී වී සිටි අතර, විරෝධතාව හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබිණි. විපක්ෂයේ ක්‍රියාකාරීන් මෙන්ම සිවිල් සමාජ නියෝජිතයන්ද ඊට එක්ව සිටිනු දක්නට ලැබිණි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
