පසුගිය වසරේ (2025) ඔක්තෝම්බර් මාසයට වඩා මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී විදේශ ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 735.6ක් දක්වා වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද නොවැම්බර් 06 වන දිනෙන් අවසන් වූ සතියට අදාළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදී මෙරටට ලැබී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 712.0ක ප්‍රේෂණ ප්‍රමාණයකි.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් කාලය දක්වා ගතවූ මාස 10 තුළ මුලු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 7600.9ක් දක්වා 16.5%කින් වැඩිවී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව, 2026 ඔක්තෝබර් මස අවසානය වන විට මෙරට මුළු නිල රක්ෂිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 7,086 ක් ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර තිබේ.
2026 ඔක්තෝබර් මාසයේදී විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු විදේශ ප්‍රේරණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 735.6 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2025 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 712.0 ට වඩා වැඩිවීමකි.
2026 ඔක්තෝබර් මාසයේදී සංචාරකයින් 168,625 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර, එය පෙර මාසයට (158,557) සහ පසුගිය වසරේ සමාන මාසයට (165,193) වඩා ඉහළ යාමකි. 2026 නොවැම්බර් 06 වන විට ඇමෙරිකානු ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල වසරේ මේ දක්වා කාලය තුළ සියයට 6.7 කින් අවප්‍රමාණය වී ඇත.

(ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව කියයි)
-ජේ.මුණසිංහ-
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
