ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ දැවැන්තම හමුවක් වන "එක්ස්පෝ" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සහ වෙන්දේසිය මේ මස 15 වන දින සිට කොළඹදී ආරම්භ වේ.
ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (Lanka Gem & Jewellery Society) විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය, Singha Auctions (Pvt) Ltd ආයතනයේ අනුග්‍රහය ඇතිව පැවැත්වෙන බව එහි අධ්‍යක්ෂ ආචාර්ය තිලකසිරි විතාරණ පැවසීය.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මැණික් හා ස්වර්ණාභරණ භූගත මධ්‍යස්ථානය, කොළඹ 01 ලිපිනයෙහි පිහිටි ප්‍රදර්ශන කලාපයේදී ලබන 15 දින සිට සෑම ඉරිදා දිනකම පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා මෙය පැවැත්වෙන බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මෙහිදී, ලංකාවේ සුප්‍රසිද්ධ නිල් මැණික්, රතු මැණික්, පද්මරාග, පළිඟු, ඇතුළු වටිනා මැණික් වර්ග සහ නවීන මෙන්ම සාම්ප්‍රදායික ස්වර්ණාභරණ රැසක් දැකබලා ගැනීමටත්, මිලදී ගැනීමටත්, වෙන්දේසියට ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලැබේ.
මැණික් ව්‍යාපාරිකයින්ට, ස්වර්ණාභරණ නිර්මාණකරුවන්ට මෙන්ම මැණික් වලට ආදරය කරන සාමාන්‍ය ජනතාවටද මෙය විවෘතය.
"මැණික් සහ ස්වර්ණාභරණ ලෝකයේ - සොයා බලන්න, වෙළඳාම් කරන්න සහ දියුණු වන්න"යනු මෙවර ප්‍රදර්ශනයේ තේමාවයි.
වැඩි විස්තර සඳහා: 077 787 4224 / 071 648 1838 ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
- ජේ.මුණසිංහ -
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
