ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයක් අසල භූමි කම්පාවක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයක් අසල භූමි කම්පාවක්

ඉරානයේ පර්සියන් බොක්කට නුදුරු න්‍යෂ්ටික බලාගාරයක් අසල භූ චලනයක් සිදු ව තිබේ.

ඊයේ (27) හට ගත් මෙම භූ චලනයේ විශාලත්වය රික්ටර් ඒකක 5.1 ක් වේ.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව මෙම භූ චලනය ඇතිව තිබෙන්නේ බෂෙෂ් බලාගාරයට සැතපුම් 33 ක් නුදුරින්, පොළොව මතුපිට සිට කිලෝමීටර 38 ක් ගැඹුරිනි.

භූ චලනයෙන් න්‍යෂ්ටික බලාගාරයට සිදුව ඇති හානිය පිළිබඳ ඉරානය නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියි.

මේ අතර ගාඩියන් පුවත්පත සඳහන් කරන්නේ රික්ටර් ඒකක 5 ක ප්‍රමාණයේ භූ චලනයකට සැලකිය යුතු හානියක් න්‍යෂ්ටික බලාගාරයක් වෙත සිදුකළ හැකි බවයි.

බෂෂර් බලාගාරය ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික බලාගාරවලින් එකකි. එය ඉරාන ජනපති හසන් රුහානිගේ ද අධීක්ෂණයට ලක් වේ.

තවද මෙය ඉරානයේ පළමු න්‍යෂ්ටික බලාගාරය මෙන්ම, සිවිල් අවශ්‍යතා සඳහා ඉදිකළ - මැදපෙරදිග පිහිටා තිබෙන පළමු න්‍යෂ්ටික බලාගාරය ද වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න