මියගිය සිසුවියන්ගේ සිරුරු ගෙන්වීමට පියවර

මියගිය සිසුවියන්ගේ සිරුරු ගෙන්වීමට පියවර

අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.

අසර්බයිජාන්හි මෙරට තානාපති කාර්යාලයක් පිහිටුවා නැති බැවින් ටෙහෙරාන්හි පිහිටි මෙරට තානාපති කාර්යාල නිලධාරීන් විසින් එරට රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි ලේකම්වරයා සඳහන් කළේය.

එරට රජය මේ සම්බන්ධයෙන් ඉතා සංවේදීව කටයුතු කරමින් සිටින බව ද රවිනාථ ආරියසිංහ මහතා කියා සිටී.

අසර්බයිජාන්, බකු අගනුවර කැස්ෆියන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙරට ශිෂ්‍යාවන් තිදෙනෙකු විෂ දුමක් ආඝ්‍රහනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

එම ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ ගින්නක් හටගෙන ඇති අතර එහි දුම ආඝ්‍රහණය වීමෙන් ඇති වූ ආසාත්මිකතාවය හේතුවෙන් ශිෂ්‍යාවන් තිදෙනා රෝහල්ගත කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ කඩුවෙල සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිව සිටි ශිෂ්‍යාවන් දෙදෙනෙකු බව සඳහන් වේ.

මොවුන් වයස අවුරුදු 21, 23 සහ 25 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරියන් බවට වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න