හඬපටයක් නිසා යුක්‍රේන අගමැති ඉල්ලා අස්වෙයි

හඬපටයක් නිසා යුක්‍රේන අගමැති ඉල්ලා අස්වෙයි

යුක්‍රේන අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක්, සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී තිබේ.

 ජනාධිපතිවරයා විවේචනය කරන හඬ පට තුනක් නිකුත් වීමත් සමග ඔහු එලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඇත්තේ ප්‍රාථමික දැනුමක් බව, යුක්‍රේන අග්‍රාමාත්‍යවරයා, එරට මුදල් අමාත්‍යවරයා සමඟ පැවැත්වූ දුරකතන සංවාදයකදී ප්‍රකාශ කර තිබේ.

ඊට අමතරව මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග ද ඔහු ජනාධිපතිවරයා විවේචනය කර තිබේ.

එහිදී යුක්‍රේන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ආර්ථිකය පිළිබඳ මත ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා සුදුස්සෙකු නොවන බවයි.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් සළකා බලන බව ඊට ප්‍රතිචාර ලෙස යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණ.

පාලක ජනතා පක්ෂය සඳහන් කළේ, ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම පිළිගත හොත්, සිය පක්ෂය ද එය පිළිගන්නා බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න