කොරෝනා වෛරසයෙන් 41ක් මරුට

කොරෝනා වෛරසයෙන් 41ක් මරුට

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන්  පුද්ගල මරණ සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම වෛරසය පාලනය කිරීමේ අරමුණින් චීනයේ ප්‍රධාන නගර 13 ක නිරෝධායන වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ රාත්‍රී වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ බව තහවුරු වූ තව ත් රෝගීන් 180 දෙනෙකු වාර්තාවීම හමුවේ මේ වනවිට රෝගින් සංඛ්‍යාව 1287 ක් පමණ වනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ සමග ම හුබෙයි පළාතේ නගර 10 ක සංචාරය කිරීම අත්හිටුවා තිබේ.

මේ අතර අදින් ආරම්භ වන චීනයේ නව වසර සැමැරුම්වලට ද දැඩි බලපැමක් එල්ල වී ඇති බව සඳහන් වේ.

බෝහෝ සැමරුම් උත්සව සහ වැඩසටහන් අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේ ය.

පවතින තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

වෛරසය සහ එය පැතිරෙන ප්‍රදේශ හඳුනාගැනීම, ඉන් සිදුවන බලපෑම් සොයා බැලීම, වෛරසය පාලනය සඳහා එන්නතක් හඳුන්වාදීම ඇතුළු කටයුතු සඳහා 14 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද එරට බලධාරීන් පියවර ‍ගෙන ඇත.

මේ අතර නේපාලයේ, කත්මණ්ඩු අගනුවරින් කොරෝනා වෛරස් ආසාදිතයෙකු පළමුවරට හඳුනාගැනීමට එරට සෞඛ්‍ය අංශ සමත් විය.

ප්‍රංශ බලධාරීන් ඊයේ සවස එරට පළමු කොරෝනා වෛරසය ආසාදිතයා හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව ජපානය, දකුණු කොරියාව, තායිලන්තය, වියට්නාමය, තායිවානය සහ අමෙරිකාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න