ගෝලීය වසංගතය හමුවේ එක නායකයකුට මිලිටරි ගාය !

ගෝලීය වසංගතය හමුවේ එක නායකයකුට මිලිටරි ගාය !

උතුරු කොරියාව විසින් අද(21) මිසයිල අත්හදාබැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියානු හමුදාව චෝදනා කරයි.

නැගෙනහිර ප්යොන්ගන් පළාතේ සිට ජපන් මුහුදට යොමු කරනු ලැබූ මේවා කෙටි දුර බැලස්ටික් මිසයිල ලෙස හඳුනාගෙන ඇති අතර ප්‍රක්ෂේපන කිලෝමීටර 410 ක උපරිම උසකින් කිලෝමීටර 50 ක් පමණ දුර පියාසර කර ඇති බව ඒ බව වාර්තා කරන විදෙස් පුවත් වල සඳහන් වෙයි.

කෙසේ වුවත් ගෝලීය වසංගතයක් ලෙස කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තව යන පසුබිමේ උතුරු කොරියානු නායකයාගේ මේ මිලිටරි නාඩගම ලෝකය තුළ බරපතල ලෙස විවේචනය වෙමින් ඇත.
 
 මේ සම්බන්ධව අදහස් දක්වමින් දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී පැවසුවේ තත්ත්වය අධීක්‍ෂණය කරමින් සිටින බවයි. කොවිඩ් -19 වසංගතයෙන් මුළු ලෝකයටම පීඩා විඳින මොහොතක මෙම ක්‍රියාවන් “අතිශයින් නුසුදුසු” යැයි හෙතෙම විස්තර කළේය.
 
උතුරු කොරියානු නායකයා මෙසේ මිලිටරි නාදගමක නිරතව සිටින පසුබිමේ නව කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් මේ වන විට ලොවපුරා මරණ 11,402ක් වාර්තා වන අතර ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 75,000 ඉක්මවා ගොස් තිබේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 4,032ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ගත වු පැය 24ක කාලය තුළ පමණක් එරටින් මරණ 627ක් වාර්තාවී ඇති අතර කොරෝනා වෛරසය හේතුවෙන් කිසියම් රටක එක්දිනක් තුළ සිදුවු වැඩිම මරණ සංඛ්‍යාව මෙය වීම විශේෂත්වයකි.ඉතාලියේ මියගිය පිරිස අතර වෛද්‍යවරුන් 17 දෙනෙකු ද වනබව වාර්තා වේ.එමෙන්ම එරට සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට අයත් පුද්ගලයින් 3,654දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව සදහන්ය. 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න