Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ආසාදිතයන් 128 යි - මරණ 3යි : ආර්ජන්ටිනාවත් වහයි !

කොවිඩ් 19 නැතිනම් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන අර්ජන්ටිනාව වසා දැමීමට (lockdown) කිරීමට එරට ජනාධිපති ඇල්බටෝ ෆර්නෑන්ඩස් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එරටින් මේ වන විට කොරෝනා වයිරසය ආසාදිතයින් 128 දෙනෙකු වාර්තා වී ඇති අතර  මරණ 03 ක් සිදුව ඇති බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.
ඒ අනුව  වයිරසය ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින් ආජන්ටිනා රජය මෙම පියවර ගෙන ඇති බවත්  සඳහන් වෙයි.  

එරට ජනගහනය මිලියන 45 ක් පමණ වන අතර පුරවැසියන් වෙත ජනාධිපතිවරයා දන්වා ඇත්තේ නිවෙස්වෙලින් බැහැරව නොයන ලෙසය.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මේ වන විටත් රටවල් රැසක් වසා දැමිමට පියවර ගෙන තිබේ.