Covid- 19 වෙනුවෙන් අලියාන්ස් ලයිෆ් රක්ෂණාවරණ නොමිලේ ලබාදෙයි

Covid- 19 වෙනුවෙන් අලියාන්ස් ලයිෆ් රක්ෂණාවරණ නොමිලේ ලබාදෙයි

Covid-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්වය සහ එහි ස්වභාවය අවබෝධ කර ගනිමින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සිය සේවාවන් තව තවත් ඉහළ නැංවීමට අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ් කටයුතු කර ඇත. Covid-19 හි බලපෑම හේතුවෙන් අපහසුතාවයට ලක්වන සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තව දුරටත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ සඳහා අතිරේක ආවරණ මාලාවක් ඉදිරිපත් කිරීමට අලියාන්ස් ලයිෆ් මෙහිදී ඉදිරිපත්ව ඇත.

එහිදී දැනට අලියාන්ස් ලයිෆ් සමඟ කටයුතු කරන රක්ෂණ ඔප්පු හිමියන්ට මෙන්ම නව රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන්ද Covid-19 හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වුවහොත් රුපියල් 500,000 ක ජීවිත ආවරණයක් සහ අවමංගල වියදම් වෙනුවෙන් රුපියල් 50000 ක අතිරේක ආවරණයක් ද ලබා දීමට අලියාන්ස් ලයිෆ් කටයුතු කරනු ලබයි.

ඊට අමතරව සිය රක්ෂණ ඔප්පු හිමියන් Covid-19 වෙතින් වඩා හොඳින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රෝහල් ගත කිරීම් වියදම් ප්‍රතිපූර්ණය කිරීම ඇතුලු ප්‍රතිලාභ රැසක් හිමිකර දීමටද අලියාන්ස් ලයිෆ් කටයුතු කර ඇත. රෝහල් මුදල් ප්‍රතිලාභ වලට අමතරව අසාධ්‍ය රෝගාබාධ හා ආබාධිත රක්ෂණාවරණයක් ද ඊට ඇතුළත් වේ.

එමෙන්ම මෙවන් අවස්ථාවක මුදල් පරිහරණය නුසුදුසු වන බැවින් රක්ෂණ ඔප්පු සඳහා වන ගෙවීම් eZ cash, genie ගෙවීම් mcash හරහා සිදු කිරීමටදල අලියාන්ස් හි නිල වෙබ් අඩවිය භාවිතා කිරීමට ද අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකිග ඒ තුළින් මෙවැනි මොහොතක ඔබගේ ඔප්පු සහ ප්‍රතිලාභයන් සක්‍රීයව පවත්වා ගැනීමේ වැදගත්කම අලියාන්ස් අවධාරණය කොට සිටියි.

මෙම සියලු ප්‍රතිලාභයන් 2020 ජූනි 30 වනදා දක්වා වලංගු වේග මේ පිළිබඳ වැඩිදුර විස්තර පෙගව 8ග30 සිට පගව 5ග00 දක්වා කාලය තුළ +94 11 2317988 /+94 11 2317989 යන අංකයන්ට ඇමතීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්්‍යුත් තැපෑල තුළින් දැන ගත හැකිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න