අතටම මුදල් ලබා දෙමින් සම්පත් බැංකුව PickMe සමඟ අසමසම සේවාවක් අරඹයි

අතටම මුදල් ලබා දෙමින් සම්පත් බැංකුව PickMe සමඟ අසමසම සේවාවක් අරඹයි

සම්පත් බැංකුවේ ගනුදෙනුකරුවන් අතටම මුදල් ලබා දීමේ පහසුකම සළසා දීම වෙනුවෙන් සම්පත් බැංකුව පසුගියදා PickMe Digital Mobility Solutions Lanka (PVT) Ltd සමඟ එක්ව තවත් සුවිශේෂී මූල්‍ය සේවාවක් දියත් කරනු ලැබීය.

ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය තුළ මෙතෙක් අත් නොවිඳි නව්‍ය මූල්‍ය විසඳුමක් වන මෙයල ගනුදෙනුකරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් සැළකිලිමත් වන සම්පත් බැංකුවේ කාලීන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් වූ ප්‍රයත්නයක් ලෙස පෙන්වා දිය හැකිය. දැනට ක්‍රියාත්මක ඇඳිරිනීති තත්වය සමඟ බොහෝ ශ්‍රී ලාංකිකයන් සතුව ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් නොමැති අතර මෙම සුවිශේෂී මූල්‍ය විසඳුම තුළින් COVID-19 අවදානමෙන් ජනතාව ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ මුදල් අවශ්‍යතාවයන්ද සපුරාලීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත. එසේම ජනතාවට සහනයක් වෙමින් මෙහිදී අය කරනු ලබන බැංකු ගාස්තු 50‍්‍%කින් නිදහස් කිරීමටද සම්පත් බැංකුව පියවර ගෙන තිබීම විශේෂත්වයකි.

ඕනෑම ගනුදෙනුකරුවකු හට තමන්ගේ නිවසටම මුදල් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ සම්පත් විශ්ව සේවාව සහ PickMe සේවාව වෙත පිවිසීම පමණකිග පහසු පියවර කිහිපයක් අවසානයේ ගනුදෙනුකරුවන් හට Mobile Cash ගනුදෙනුවක් නිර්මාණය කර ගැනීමෙන් පසු PickMe සේවාව වෙත පිවිස එහි ත්‍ක්ිය යටතේ ඇති I want to receive  යන්න තෝරාගෙන Cash from ATM ක්ලික් කරන්නග ඉන් පසුව සම්පත් බැංකුවෙන් ගනුදෙනුකරු වෙත කෙටි පණිවිඩයක් එවනු ලබන අතර ගනුදෙනුකරු විසින් අදාළ PickMe රියදුරු වෙත කෙටි පණිවිඩය යොමු කළ යුතුයග ඡුසජනඵැ රියදුරු ගනුදෙනුකරු විසින් ඉල්ලුම් කළ මුදල් ඔහුගේ අතටම ලබා දෙනු ඇත. එහිදී මුදල් ලබා ගත් රිසිට් පත සමඟ ගනුදෙනුකරු වෙත මුදල් ලබා දීමෙන් පසුල කිසිඳු ගැටලුවකින් තොරව තමන් අතට මුදල් ලැබුණු බවට පාරිභෝගිකයා සහතික කළ යුතුයග ගනුදෙනුකරු විසින් PickMe රියදුරු වෙත මුදල් ගෙවා PickMe සේවාව හරහා සේවාවෙහි තත්වය පිළිබඳව ඇගයීමක් ලබා දීමෙන් පසු ගනුදෙනුව සම්පූර්ණ වේ.

මෙහිදී ඇතිවන යම් ප්‍රමාදයක් හෝ තමන් වෙත ලබා දුන් මුදල ඉල්ලුම් කළ මුදල හා නොගැළපේ නම් ගනුදෙනුකරු හට 1331 යන PickMe පාරිභෝගික සහායක අංකයට හෝ 011 2303050 යන සම්පත් බැංකු පාරිභෝගික සේවා අංකයට අමතා අදාළ ගැටලුව විසඳා ගත හැකියග මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සහ රූප රාමු මගින් සිදු කරන මඟ පෙන්වීම් https://www.sampath.lk/en/personal/electronic-banking/sampath-mobile-cash#doorstep-cash-delivery  වෙතින් ලබා ගත හැකිය.

මෙම සේවාවට පහසුකම් සපයන රියදුරන් හට විශේෂ පුහුණුවක් ලබා දී ඇති අතර ඒ තුළින් එම ක්‍රියාවලිය විධිමත් අයුරින් සිදුකර ගැනීමට හැකි වනු ඇත. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයන්හි (ATM) ක්‍රියාකාරීත්වය පිළිබඳව රියදුරෙකුට යම් සැකයක් වේ නම්, එහිදී ගත යුතු පියවර පිළිබඳව සඳහන් ස්ටිකර් සම්පත් බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයන්හි (ATM) අලවා තිබීම හේතුවෙන් එය තව තවත් පහසු කරනු ලබයි. එසේම අමතර ආරක්ෂිත අංගයන්ද එහි ඇතුළත් වේග උදාහරණයක් ලෙස රියදුරෙකු රහස්‍ය අංකය වැරදි ලෙස අඛණ්ඩව තෙවරක් ඇතුළත් කළහොත් ගනුදෙනුව ස්වයංක්‍රීයව අගුලු වැටෙනු ඇත.

මෙම සේවාව දිනපතා පෙගවග 9 සිට පගවග 6 දක්වා සම්පත් බැංකු ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇති අතර දැනට කොළඹ 01 සිට 15 සහ තදාසන්න ප්‍රදේශයන් ආවරණය කරනු ලබයි. ඉදිරියේදී වැඩි ප්‍රදේශයක් ආවරණය වන පරිදි මෙම සේවාව තව දුරටත් ව්‍යාප්ත කිරීම සම්පත් බැංකුවේ අරමුණයි. දැනට පවතින ඇඳිරිනීති තත්වය යටතේ මෙය වඩාත් ආරක්ෂිත මූල්‍ය විසඳුමක් ලෙසද සඳහන් කළ හැකිය. මීට අමතරව මෑතකදී හඳුන්වා දෙනු ලැබූ ජංගම ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර සේවාව (Mobile ATM) මෙන්ම මෙම දුෂ්කර කාලය තුළ ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපුරා ගැනීම වෙනුවෙන් මුදල් ගනුදෙනු කිරීමට හැකිවන පරිදි තවත් නව්‍යකරණ බැංකු සේවාවන් රැසක් සම්පත් බැංකුව විසින් හඳුන්වා දෙනු ලැබීය.

Sampath PickMe Artwork S 05 05 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න