බොර තෙල් මිල ගැන අසුබ පුවතක් !

බොර තෙල් මිල ගැන අසුබ පුවතක් !

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ මතුවෙමින් ඇති යුද තත්ත්වය හමුවේ ලෝක බොර තෙල් මිලෙහි බරපතළ ඉහළයාමක් සිදුවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට පසුගිය සිකුරාදා බොර තෙල් බැරලයක මිල 5.7%කින් වැඩිවූ අතර ඒ අනුව බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 91.20ක් බවට පත්විය.

කෙසේ වුවත් අද (16) දිනයේ බොර තෙල් මිලෙහි වැඩි වෙනසක් සිදුව නොමැති නමුත් මේ වන විට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ මතුව ඇති යුද තත්ත්වය වෙනත් ප්‍රදේශ සහ තවත් පාර්ශ්වයන් සම්බන්ධවීමක් සිදුවුවහොත් එය ලෝක වෙළඳ පොළ තුළ බොර තෙල් මිල දැඩි මිල ඉහළයාමක් බවත් එම විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න