BOC තුරුණු දිරියට රටපුරා දැඩි ඉල්ලූමක්

BOC තුරුණු දිරියට රටපුරා දැඩි ඉල්ලූමක්

නව අදහස් සහිත කුඩා පරිමාණ තරුණ ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණ කරගත් තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය යටතේ ණය ලබා ගැනීමට දිවයින පුරා සිටින තරුණ ව්‍යවසායකයින් අතර දැඩි උනන්දුවක් ඇති වී තිබෙන බව අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය මේ බව සඳහන් කරන අතර  ඒ අනුව මේ වන විට ණය ලබා ගැනීමට සුදුසුකම් සහිත තරුණ ව්‍යවසායකයින් 823ක් පමණ හදුනාගෙන ඇති අතර එයින් 200කගේ පමණ ව්‍යාපාරික සැළසුම් සකස් කිරීමේ කටයුතු කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන්ගේ උපදෙස් සහිතව දැනටමත් සිදුකරමින් පවතින බවද එහි සඳහන්ව ඇත.

මෙම ණය යෝජනා ක‍්‍රමයේ ප‍්‍රගතිය නිරීක්‍ෂණය කිරීම සදහා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ දී මෙම මස 10 වැනිදා පවත්වනු ලැබූ ප‍්‍රගති සමාලෝචන සැසියේ දී මෙම තොරතුරු අනාවරණය වූ බවත් මෙම ණය යෝජනා ක‍්‍රමය හරහා එක් ගමකින් අවම වශයෙන් නව ව්‍යවසායකයින් දස දෙනෙකු බැගින්වත් තෝරා ගනිමින් දිවයින පුරා විසිරී සිටින නව අදහස් සහිත තරුණ තරුණියන්ගේ ස්වයං රැකියා නගා සිටුවීම සදහා සහයෝගය ලබා දීමට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සැළැසුම් සකස් කරමින් පවතින බවද එම නිවේදනයේ සඳහන්ව තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි. ඉදිරියේ දී මෙම ණය ලබා ගැනීමේ පුර්ව සුදුසුකමක් වන උපාධියක්, ඩිප්ලෝමාවක් හෝ පිළිගත් වෘත්තිය පුහුණුවක් ලබා තිබීම වෙනුවට විදාතා පුහුණු මධ්‍යස්ථාන හරහා ලබාගත් සහතිකලත් වෘත්තිය පුහුණු පාඨමාලා ද පිළිගැනීමට කටයුතු සකස් කරමින් පවතින බව සැසියට සහභාගි වූ ලංකා බැංකු නියෝජිතයන් ප‍්‍රකාශ කර ඇත.. ඊට අමතරව ව්‍යාපාර ලියාපදිංචිය පිළිබඳ වසර තුනක සහතිකයක් වෙනුවට එම ව්‍යාපාරය සිදුකරන බවට ග‍්‍රාම නිලධාරි සහතිකයක් ප‍්‍රාදේශීය ලේකම් හරහා බැංකුව වෙත ලබා දීම ප‍්‍රමාණවත් බවත් මෙම සැසියේ දී එකඟ විය. 

මේ පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හරහා ක‍්‍රියාත්මක වීමට නියමිත අතර ණය යෝජනා ක‍්‍රමය පිළිබ`දව මුද්‍රිත විස්තර පත‍්‍රිකා සියළුම ලංකා බැංකු ශාඛාවලින් ද ලබා ගත හැකි වේ. අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ අධීක්‍ෂණය යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීම මත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ දිවයිනේ සියළුම දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න