Language Switcher

V2025

ඉස්සන් ඩොලර් කරමින් රට නංවන්න : වනමෙයි එයි

මෙරට සමස්ථ  සමුද්‍ර  තීරය කිලෝමීටර 1700ක් පමණ වෙයි.  පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත පිහිටීමත්, සමකාසන්න වීම, ඉන්දීය සාගරයේ දිය රැළි ස්වභාය ඇතුළු  ස්වාභාවික  තත්ත්වයන් රැසක් හේතුවෙන් එම කළාපයේ  ධීවර කර්මාන්තය සඳහා ඇති විභවයන් ඇති විශාලය. සශ්‍රීකය. 

එසේම දුපතක් වීම සහ කළපු ආශ්‍රිත මෙරට වෙරළ තීරය ඉස්සන් වගා කිරීම සඳහාද ඉතා කදිම විභවයක් පවතින බව අමුතුවෙන් කිවයුතු නැත. ඉස්සන් ආශ්‍රිත ධීවර නිෂ්පාදන කටයුතු අතීතයේ පටන් කර්මාන්තයක් ලෙස මෙරට පැවතියත් ව්‍යාපාරික වශයෙන් එහි ආරම්භය සනිටුහන්ව ඇත්තේ 1980 පමණ කාලයේ සිටය. එහිදී ව්‍යාපාරික ඉස්සන් වගාව සඳහා පළමුව යොදාගත් ඉස්සන් වර්ගය  (Black Tiger) බ්ලැක් ටයිගර් නම් විය.

පවතින ක්‍රමයේ වෙනසක් අවශ්‍යය 1111

මේ වන විට වාර්තා වී ඇති ආකාරයට හෙක්ටයාර 2,227ක පමණ ඉස්සන් වගාව ව්‍යාප්තව ඇත. එතුළ පොකුණු 3048 ක් පමණ වන බවත් එයින්ද පොකුණු 998 ක පමණ ප්‍රමාණයක  (Black Tiger) බ්ලැක් ටයිගර් ඉස්සන් වගා කිරීම  සිදුවේ.

නමුත් අද පවතින්නේ 1980 පැවති වෙළඳපොල නොවේ. ලෝකයේ සෑම දෙයක් සේම ධීවර කර්මාන්තයද වෙනස්වී ඇත. තරගකාරී වී ඇත. ඉල්ලුම් සැපයුම් සේම නිෂ්පාදන ඵලදායිත්වය, මිල ඇතුළු කාරනා රැසක් සම්බන්ධව අලුතින් සිතීමට කාලය උදාවී ඇත. මෙය සමාජ ආර්ථික සහ වෙළඳපොළ ස්වභාවය වෙනස් වන විට අනිවාර්යයෙන් වෙනස් විය යුතු තත්ත්වයක් වුවත් අපේ රටේ බොහොමයක් මෙන් ඉස්සන් ආශ්‍රිත කර්මාන්තයද කාළීනව වෙනස් නොවූ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. එහෙයින් ඒ ගැන, විශේෂයෙන් යුරෝපා ධීවර සහනය ලැබීම, අපනයන වර්ධනය කර ගැනීමේ ජාතික ආර්ථික අවශ්‍යතාව, ඇතුළු කාරනා රැසක පෙළගැස්ම අවධානය යොමු කළ යුතුම කාලය උදාවී ඇත.
අස්වනු අඩුවීමේ ගැටළුව 

මේ වන විටත් තිබෙන ශ්‍රීලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා දත්ත වලට අනුව 1999 වර්ෂයේදී ඉස්සන්  ටොන් 3820ක් නිෂ්පාදනය කරලීමට මෙරට ව්‍යාපාරික ඉස්සන් වගා කර්මාන්තය සමත්වී ඇතත්   2005 වසර වන විට වාර්තා වන්නේ ඒ අස්වැන්න ක්‍රමයෙන් අඩුවී ඇති බවය. ඒ අනුව 2005 වසරේ වාර්තා වන්නේ ඉස්සන්  ටොන් 1570ක් දක්වා වන අස්වනු පහළ බැසීමක්ය.

කෙසේ වුවත් වෙළඳපොල අවස්ථා සහ ජාතික ආර්ථික අභිලාශ මත පදනම්ව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සහ  ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ  සංවර්ධන නියෝජිතායතනයේ   නවතම විශේෂ ගැසට් පත්‍ර නිවේදනයට අනුව 2017.08.03 දින සිට ජල ජීවී වගා සංවර්ධනය සඳහා හෙක්ටයාර 9055.8 ක් දැනට හඳුනාගෙන ඇත.

වනමෙයි හඳුන්වාදීම 

ඒ අනුව දැන් උදාවී ඇත්තේ ඒ ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් අස්වනු වැඩි කරන, ඉල්ලුමට සරිලන සැපයුමක් සහ ඒ වෙනුවෙන් කර්මාන්තය තාක්ෂණයෙන් සහ ඵලදායි අයුරින් සංවර්ධනය කිරීමේ මොහොතය.

ඉස්සන් වගාව ආශ්‍රිත මේ වන විටත් පවතින  ඌන ඵලදායිත්වය, සැපයුම් දුර්වලතා මඟ හරවා ගැනීම මුලික ඉලක්කය කර ගනිමින් වනමෙයි ඉස්සන් කෙරෙහි රජයේ අවධානය යොමුවූයේ ඒ අනුවය. සැබවින්ම කර්මාන්තය ආශ්‍රිත  විවිධාකාර ගැටලු   ඇතුළු  (Black Tiger) බ්ලැක් ටයිගර් ඉස්සන් නිෂ්පාදනය මඟින් ශ්‍රිලංකාවේ ඉස්සන් සඳහා ඇති විදේශ ඉල්ලුම සංතෘප්ත  කළ නොහැකි වූ  හෙයින් ශ්‍රීලංකාව තුළ වනමෙයි ඉස්සන් වගාව සඳහා ඉඩදීමට රජය ක්‍රියා කළේය. 

ව්‍යාජ හණමිටි රංගන 

ඒ වෙනුවෙන් වූ නියමු ව්‍යාපෘතියක් ද ආරම්භ වූ අතර එහෙත් හණමිටි සහ වෙනස් වන ලෝකය සමඟ වෙනස් වීමට සුදානම් නොවූ, ඉතාම නිශේධනාත්මක වෙළඳපොල දැක්මක් සහිත පාර්ශව ඊට එරෙහි විය. ඒ වනමි ඉස්සන් මහා භායනක රෝග බෝකරන බව සඳහන් කරමින්ය. ඒ මුසාව රැගෙන ඔවුන් කොතරම් දුර ගියාදැයි කිවහොත් වනමි ඉස්සන් වර්ගය ඒඩ්ස් සමාන රෝග ව්‍යාප්ත කරන බවට තරම් මුග්ධ තැනට වැටී ඔවුන් ප්‍රචාරය දියත් කෙරිණ.

ඇතැම් මාධ්‍යවේදීන් ඒවා රසකර පුවත් අටුවා පළකලේ ඔවුන්ගේ මාධ්‍ය භාවිතය කෙසේ වුවත් සාමාන්‍ය දැනීම තුළ පවා සිටින ඉතා පටු සහ සීමා සහිත බව ප්‍රදර්ශනය කරමින්ය. අප වෙබ් මාධ්‍ය ඇතුළු පාර්ශව කිහිපයක් එම නොදැනීම ප්‍රශ්න කළ බවද ඔබට මතක ඇත. 

පහත සබැඳියාවෙන් ඔබට එය නැවත කියවා ගන්නට පුළුවන. 

ඒඩ්ස් තරම් භයානක ඉස්සාගේ කතාව පට්ටපල් බොරුවක් : තක්කඩි ව්‍යාපාරික ගැටයක් !

Taprobane Seafood Group  මැදිහත්වීම 

මේ අතර පසුගියදා  Taprobane Seafood Group හි අධ්‍යක්ෂකවරුන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් මන්නාරම,කිළිනොච්චි දිස්ත්‍රික්කවල ධීවර සමිති සහ ධිවර ගම් නියෝජනය වන ලෙස ඒවායේ නායකයන් එක්දින  වැඩමුළුවක් පවත්වනු ලැබිණ. මෙම වැඩමුළුව මෙහයවනු ලැබුවේ ධීවර වගා (Aquaculture) පිළිබද අන්තර්ජාතික විද්වතෙක් වූ අතර NAQDA හි නිලධාරීන්ද, ප්‍රාදේශීය සම්බන්ධීකරණ ආයතනයේ නිලධාරීන්  මේ සදහා දැනුමෙන් සහයෝගය දක්වා තිබිණ. 

මේ වැඩමුළුව පැවැත්වීමේ අභිප්‍රාය වුයේ ඉස්සන් වගාව සම්බන්ධව මුලික තත්ත්වයන්  ගැන දැනුවත් කර, නවතම "එස්.පී.ඇෆ්.පී වනමෙයි" යන නව ඉස්සන් වර්ගය පිළිබද සියලු නිවැරදි තොරතුරු අදාළ පාර්ශවයන්හට ලබා දීමය. ඒ තුලින් පසුගිය මාසයේ ජනමාධ්‍ය ඔස්සේ "එස්.පී.ඇෆ්. වනමි" යන නව ඉස්සන් පිළිබද පැතිරීමට උත්සාහ කලේ  සියලු සාවද්‍ය තොරතුරු බව පසක් කරලීමය. 

වනමෙයි   (Vannamei) ඉස්සන් ශ්‍රිලංකාවේ වගා කිරීම හඳුන්වා දීමට  හේතු

මෙහිදීද මුලික අවධානය යොමුවූයේ දැනට ජනප්‍රියව පවතින බ්ලැක් ටයිගර් ඉස්සන් හරහා පවතින වෙළඳපොල ඉල්ලුම සපුරාලිය නොහැකිවීම ය. ලැබිය හැකි අස්වනු ප්‍රමාණය සීමා සහිත වීම එහිදී විශේෂය. 

ඒ අනුව වනමි ඉස්සන් එක වරම කර්මාන්තයට හඳුන්වාදීමට අපේක්ෂා නොකෙරුණ අතර ඒ සඳහා දැනුවත් කිරීම ආරම්භ වුයේම පැනනැගිය හැකි  විවිධ ප්‍රශ්න, වාසි සහ අවාසි ප්‍රවේසම් සහිතව හඳුනා ගැනීමෙන් පසුවය.

මෙම තීරණ ගැනීමේදී ඉන්දියාව තායිලන්තය ඉන්දුනීසියාව පිලිපීනය සෞදි අරාබිය වැනි ආසන්න රටවල අත්දැකීම් සැළකිල්ලට ගෙන තිබීමද එම වැඩමුළුවේ වූ විශේෂ කාරණයක් බව සඳහන් කල යුතුව ඇත. 

වනමි  ඉස්සන් 1999දී තායිලන්තය සිය ව්‍යාපාරික ඉස්සන් වගාව සඳහා හඳුන්වා දී ඇති අතර 2001 වසරේ  ඉන්දුනීසියාව, 2004 දී පිලිපීනය, 2009  ඉන්දියාව, 2014 දී  සෞදි අරාබිය වෙතද හඳුන්වාදී ඇත. වනමි    හඳුන්වා දෙන ලදී. ශ්‍රීලංකාවට වනමි  ඉස්සා හඳුන්වාදීම පළමුව සිදුවුයේ ද 2014 වසරේ දී ය.

වනමෙයි ඉස්සා හඳුනාගමු 

වනමි යනු බ්ලැක් ටයිගර් වැනිම තවත් ඉස්සන් වර්ගයකි. මේ වන විටත් තායිලන්තය  ඉන්දුනීසියාව  පිලිපීනය ඉන්දියාව සහ සෞදි අරාබියේ ඉස්සන් වගාව තුළ මෙම වර්ගය සාර්ථකව නිෂ්පාදනය කරනු ලැබේ. මෙහිදී අවධානය යොමුකළ යුතු වැදගත්ම කරුණ වන්නේ වනමෙයි ඉස්සන් හඳුන්වාදීමත් සමඟ මේ හැම රටකම අපේක්ෂිත අභිලාශයන් සාක්ෂාත් කර ගෙන ඇති බවය.

'SPFP වනමෙයි' යන්නෙන් අදහස් කරනුයේ මේ වන විට ලෝක පරිමාණව ඉස්සන් වගාවේදී හඳුනා ගනු ලැබූ විවිධ රෝගයන්ට බලපාන හේතුන්ගෙන් මෙම ඉස්සන් නිදහස් බවය. මෙම තත්ත්වය අත්කරගනු ලැබුවේ පරම්පරා ගණනාවක් ජීව ආරක්‍ෂිත පියවරයන් අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.මෙම ක්‍රියාවලියේදී මෙකී රෝග සම්බන්ධ පර්යේෂණ කරනු ලැබේ.

තවත් වැදගත් කාරණයක් වන්නේ මෙම පරීක්ෂණයන් විවිධ තත්ත්වයන් යටතේ කරනු ලැබූ හෙයින් එම රෝගයන්ට ප්‍රතිශක්තියක් දැක්වීමේ හැකියාව එම ඉස්සන් සතුව පැවතීමය.

මෙම ඉස්සන් අනෙකුත් රටවල් උදෙසා ජනනය කිරීම කරණු ලබන්නේ  ඇමරිකා එක්සත් ජනපදය විසින් හවායි දූපත් වල කෝනා බොක්කෙහි පවත්වාගෙන යනු ලබන  ජනන මධ්‍යස්ථානයේය. ඒ අනුව  ලැබේ. Taprobane Seafood Group මෙම ඉස්සන් ආනයනය කරනු ලැබ ඇත්තේද ඒ වෙතින්ය. 

2222වනමෙයි ඉස්සාගේ තාක්ෂණික වාසි ! 

(Black Tiger ) බ්ලැක් ටයිගර් ඉස්සන් අභිජනනය කිරීමේදී එම ඉස්සන් ශ්‍රීලංකාව තුලින්ම සොයාගත හැකි වන අතර ඔවුන් නිරෝගීද යන වග එම ඉස්සන් පරීක්ෂණයකට භාජනය කරන තුරු අප දන්නේ නැත. පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව එම ඉස්සන් රෝගී තත්වයකට ගොදුරු වී තිබේනම් එය ඉතා පිරිවැය සහිත කාර්යයක් වේ.

නමුත් වනමෙයි ඉස්සා සමග සංසන්දනය කිරීමේදී මෙම අබිජනන ඉස්සන් ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන අතර  ඔවුන් සියයට සීයක් රෝග වලින් තොර වේ. එම නිසා අවධානමක් නොවන අතර ඉස්සන් නිෂ්පාදන වගාවද ලාභදායී වේ.

රෝග තත්වයන් සම්බන්ධව කතා කළහොත් (Black Tiger) බ්ලැක් ටයිගර් ඉස්සන් අභිජනනය කිරීමේදී නිසියාකාර පර්යේෂණයකින් තොරව ඔවුන් ගබඩා කළහොත් ගොවියන්ට ඔවුන්ගේ ඉස්සන්ගේ අස්වැන්න, රෝග හේතුකොටගෙන  නෙලා ගැනීමට නොහැකි වනු ඇත.නමුත් මෙම වනමෙයි ඉස්සන් රෝග වලින් තොර වීම හේතු කොටගෙන ඉස්සන් වගා කරන ගොවියන්ට අවධානමකින් තොරව ආරක්‍ෂිත ලෙස ඉස්සන් වගා කල හැකිය.

(Black Tiger) බ්ලැක් ටයිගර් ඉස්සන්ගේ අස්වැන්න එක් අස්වැන්නක් පමණ වන අතර වනමෙයි ඉස්සාගේ අස්වැන්න අවසාන අස්වැන්නට පෙර අර්ධ වශයෙන්ද ලබා ගත හැකි වීම විශේෂත්වයකි.

පරිසර හිතකාමී හරිත මූලධර්ම

Taprobane Seafood Group හී  ඉඩම් සහ ජල සම්පත් ඉතා ලවණ ගතියෙන් යුක්ත වුවත් සියලුම පොකුණු වල අධික ඝනත්වයෙන් යුතු පොලිතීන් අතුරා සකස් කර ඇත.

මෙය ශ්‍රි ලංකාවේ ඉස්සන් වගාවට නවමු අත්දැකීමක් වන අතර ලෝකයේ බොහෝ රටවල පරිසර හිතකාමී ප්‍රවේශයක් ලෙස මෙම ක්‍රමවේදය අනුගමනය කරනු ලැබීම දක්නට ලැබේ. පරිසර හා සමාජ ආර්ථික ගැටලු අවම කර ගැනීම උදෙසා මෙම ක්‍රම වේදය ලෝකය පුරාම භාවිතා කිරීම දක්නට ලැබේ. ඉස්සන් ඇති කරන පොකුණු වල ඔවුන්  ප්රෝබයෝටික්ස් භාවිතා කරන්න බවද අනාවරණය කර ඇත.මෙම ප්රෝබයෝටික්ස් යනු හිතකාමී බැක්ටීරියාවකි. මෙම ප්රෝබයෝටික්ස් මගින් ඉස්සන්ගේ අපවිත්‍ර විනාශ කරණු ලැබේ.

මතස්‍යන්, මට්ටයන් සහ මුහුදු  පැළෑටි   ඉස්සන්ගේ අපද්‍රව්‍ය ඉවත් කිරීම  සඳහා යොදා ගනු ලබන පරිසර හිතකාමී සහ ආර්ථික වශයෙන් වාසිදායක ප්‍රවේශයකි. ඒ නිසා මෙම ක්‍රමවේදයන් නවීන සහ සිත් ඇද ගන්නා සුලු මෙතෙක් ලංකාව තුළ අනුගමනය නොකරන ලද පරිසර හිතකාමී ප්‍රවේශයකි. එසේම පොකුණු පිහිටි ප්‍රදේශ වල හැකි සෑම තැනකම කඩොලාන වැවීමට සලකා බලනු ලැබ ඇත.

මහාචාර්ය ජේ.එම්.පී.කේ.ජයසිංහගේ තක්සේරුව !

මීට අමතරව වනමේ ඉස්සන් සඳහා වයඹ සරසවියේ, ධීවර හා ජල ජීවී සම්බන්ධ  මහාචාර්ය ජේ.එම්.පී.කේ.ජයසිංහ මහතා විසින් මෑතකදී  කරන ලද පාරිසරික බලපෑම් තත්ත්වය තක්සේරුකරණයක් කරන ලදී. එහිදී  ඔහු සඳහන් කරන ලද්දේ මෙම වනමෙයි ඉස්සන් වගාව සාර්ථකව කිරීමට පහසු වන අතර අන්තර් ජාතික තත්වයන්ට අනුකූලව වගා කටයුතු සිදු කරන්නේ නම් එය හොදම ජල ජීවී වගාවක් වන අතර පරිසරයට ඉන් කිසිදු  බලපෑමක් සිදු නොවන බවය. 

වනමෙයි ඉස්සන් වගා කරන ගොවිපලවල් නිසා අසල් වැසි ධීවර ජන සමාජයට සිදුවන සමාජ ආර්ථික වාසි

අක්කර 100ක් තුළ වනමෙයි  ඉස්සන් වගා කිරීම සඳහා නුපුහුණු සේවකයන් 80ක් පමණ අවශ්‍ය වේ.ඉස්සන් වගාබිම් කළමනාකරණය සඳහා පුහුණු ශ්‍රමිකයන් 10ක් අවශ්‍ය වේ.

අස්වැන්න ලබා සඳහා දිනපතා ඔවුන් විසින් අල්ලනු ලබන ඉස්සන්ගේ ප්‍රමාණය අනුව ගෙවනු ලබන ධීවරයන් 10ක් අවශ්‍ය වේ. අවසාන අස්වැන්න ලබා ගැනීමේදී ඉස්සන් වගා කරන පොකුණු සඳහා පොකුණු ප්‍රමාණය අනුව ධීවරයන්ට ගෙවනු ලැබේ. මෙසේ අල්ලනු අල්ලනු ලබන ඉස්සන් නිෂ්පාදන ක්‍රියාවලියට අසල්වැසි ගම්මානවල 100 කට පමණ රැකියා අවස්ථාවන් ලැබේ.

Taprobane Seafood Group සඳහන් කර සිටින ආකාරයට ආයතනවල සංස්ථාපිත සමාගම් වගකීම් යටතේ අසල්වැසි ගම්මාන සඳහා පාසල් දියුණු කිරීමට මුදල් දීමටත්, ආයතනයේ ලාභවලින් ග්‍රාමීය මාර්ග නිර්මාණයට සහ තෝරාගත් ළමුන්ගේ පාසල් ගාස්තු ගෙවීමට සහ සමාජ හා ආගමික ක්‍රියාකාරකම් වලට සහයෝගය ලබා දීම සඳහා ද නියමිතව ඇත.

මේ ලාභයෙන් කරන්න යන සමාජ සත්කාරවලට වඩා අප අවධාරණය නම් වනමෙයි සාර්ථක ඉස්සන් වගාවක් බවට පත්කර රටේ අපනයනයට මහා පරිමාණ ශක්තියක් ලබාදී ජාතික ආර්ථික අභිලාශය ට දායකත්වය සැපයීමක් ය !