ලුවර් මංකොල්ලය; මාධ්‍ය, සංස්කෘතිය සහ ආචාර ධර්ම පිළිබඳ පිළිඹිබුවක්...? | TMG

ලුවර් මංකොල්ලය; මාධ්‍ය, සංස්කෘතිය සහ ආචාර ධර්ම පිළිබඳ පිළිඹිබුවක්...? | TMG

පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ මෑතක දී සිදු වූ පුරාවස්තු සොරකම ජාත්‍යන්තර අවධානය දිනාගත් මෑතකලීන විශෙෂ සිදුවීමක්.

ඒ, එම අපරාධය සිදුකළ ආකාරයේ ඇති විශ්මිත බව නිසා පමණක් නොව, විවිධ කලාප හරහා එය වාර්තා කර ඇති විවිධ ආකාර පිළිබඳව ද සංවාදයක් දැන් ඇතිවී තිබේ. මංකොල්ලය පිළිබඳ මාධ්‍ය ආවරණය පුළුල් ලෙස ගත්කල , විවිධ ප්‍රමුඛතා, සංස්කෘතික දෘෂ්ටිකෝණ සහ ප්‍රේක්ෂක අවශ්‍යතා පිළිබිඹුවන බවයි මාධ්‍ය විචාරකයන් පවසන්නේ.




වාර්තාකරණයේ පුළුල් ස්වරය

යුරෝපයේ, මාධ්‍ය මෙම සිදුවීම බොහෝ දුරට (ලංකාවෙ මෙන් ) නාට්‍යමය ආකාරයට පොලිස් විමර්ශන පෙන්වීම කෙරෙහි අවධානය යොමු කර ඇත. භාණ්ඩ අත්අඩංගුවට ගැනීම්, වැටලීම් සහ නිරීක්ෂණ දර්ශන ඉස්මතු කර ඇති අතර, සිද්ධිය ඉහළ මට්ටමේ අපරාධ නාට්‍යයක් ලෙස ඉදිරිපත් කර ඇති බවයි ඔවුන් පවසන්නේ. සිරස්තල තුළින් ක්‍රියාවේ ඇති ත්‍රාසජනක බව සහ සැකය ඉස්මතුකළ අතර, විමර්ශනවල වර්ධන සහ කඩිනම් යුක්තිය කෙරෙහි උනන්දුවක් දක්වන ප්‍රේක්ෂකයින් ගේ අවශ්‍ය අනුව සැකසී තිබුණි.

 

luvrp
ඊට වෙනස් ආකාරයකට ආසියාවේ සහ අනෙකුත් කලාපවල ආවරණය සිදුකර ඇති බවයි මෙම අනාවරයෙන් පෙන්නා දෙන්නේ. බොහොවිට ඒවායේ ඇති සංස්කෘතික සහ සංකේතාත්මක වටිනාම් සහ ඒවා පැහැර ගැනිමෙන් සිදුවු අලාභය අවධාරණය කර තිබුණි. සොරකම් කළ ආභරණවල වැදගත්කම, කෞතුකාගාරයේ උරුම වටිනාකම  සහ ලෝකයේ කලා සංරක්ෂණය සඳහා පුළුල් අවධානයක් යොමුකිරිමේ වැදගත්කම ඉස්මතු කර තිබිණ. වාර්තාකරණය වඩාත් පුළුල් ස්වරයක් ගත් අතර, සංස්කෘතික වත්කම් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡා දිරිමත් කළේ ය.


සත්‍ය වාර්තාකරණය අතිශයෝක්තිය සමග මිශ්‍ර වීම

සංස්කෘතික විශේෂඥයින් පෙන්වා දෙන්නේ මංකොල්ලය ලෝක උරුම ස්ථානවල අවදානම ඉස්මතු කරන බවයි. කලාත්මක සහ ඓතිහාසික උරුමයේ සංකේතයක් වන ලුවර්, දියුණු ආරක්ෂක පියවර නොතකා බරපතළ ආරක්ෂක බිඳවැටීමකට මුහුණ දුන්නේ ය. මෙම සිදුවීම සංස්කෘතික වත්කම් ආරක්ෂා කිරීමේ දී සුපරීක්ෂාකාරී වීමේ අඛණ්ඩ අවශ්‍යතාව අවධාරණය කරයි. සමාජ මාධ්‍ය සහ අනෙකුත් ජාත්‍යන්තර වේදිකා තවත් ආකාරයකින් මෙම පුවත පතුරුවා හැරී ය. වීඩියෝ, සටහන් සහ සමාජ මාධ්‍ය පෝස්ට් යාවත්කාලීන කිරීම් වේගයෙන් සිදුවු අතර, සමහර විට සත්‍ය වාර්තාකරණය අතිශෝක්තිය සමඟ මිශ්‍ර වී තිබුණි. මෙයට ගෝලීය ප්‍රතිචාර වැඩි කළ අතර, එමගින් අතිශයෝක්තියට සහ වැරදි තොරතුරුවල අවදානම ද පෙන්නුම් කළේ ය. මෙය ඩිජිටල් මාධ්‍යවල ඇති ප්‍රබලත්වය, බලය සහ අන්තරා දෙකම පෙන්නුම් කරන බවයි මෙම විමර්ශකයන් පෙන්නා දෙන්නේ.

විශ්ලේෂකයින් සඳහන් කරන්නේ මෙම සිදුවිම් වර්තාකරණයේ ස්වභාවය තුළින් සංස්කෘතික සන්දර්භය, මාධ්‍ය සම්ප්‍රදා සහ ප්‍රේක්ෂක අපේක්ෂා ප්‍රවෘත්ති සකස් කරන ආකාරය කෙරෙහි ඇති කරන බලපෑම අවධාරණය කරන බවයි. එකම සිදුවීම එක් කලාපයක සිත් ඇදගන්නා සුලු අපරාධ කතාවක් ලෙසත්, තවත් කලාපයක උරුම ආරක්ෂාව පිළිබඳ පාඩමක් ලෙස සහ අන්තර්ජාලය හරහා වේගයෙන් පැතිර යන දර්ශනයක් ලෙස දිස්විය හැකි බවයි. ගෝලීය මාධ්‍ය මහජන සංජානනය හැඩගස්වන ආකාරය සහ සංස්කෘතික සිදුවීම් රාමු කරන ආකාරය මෙම සිදුවීම හෙළිදරව් කරන බවයි.



515052637 1148200474027194 4967782777091131073 n
මාධ්‍යවේදීන් අපරාධ වාර්තා කිරීමේ දී සදාචාරාත්මක තීරණ ගැනීමේ වැදගත්කම


අවසාන වශයෙන්, ලුවර් මංකොල්ලය මාධ්‍ය ප්‍රචාරණ, මහජන සංජානනය හැඩගස්වන ආකාරය පිළිබඳ බලගතු උදාහරණයක් ලෙස පෙන්වාදෙයි . කතාවක් ඉදිරිපත් කරන ආකාරය - කුමන විස්තර අවධාරණය කර ඇත්ද, කුමන හඬවල් ඉස්මතු කර තිබේ ද සහ කුමන සිදුවීම් සන්දර්භ ගත කර තිබේ ද - ප්‍රේක්ෂකයින් ගැටලුව තේරුම් ගන්නා ආකාරය කෙරෙහි නාටකාකාර ලෙස කරන ඉදිරිපත්කිරිම් බලපෑම් කළ හැකි ආකාරය ද ඉස්මතු කරයි. යුරෝපයේ, පොලිස් ක්‍රියාමාර්ග සහ විමර්ශන විස්තර කෙරෙහි අවධානය යොමු කිරීම සැක සහිත සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යුක්තියේ ක්‍රියාවලියට බලපෑම් කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

 

lvr1

මාධ්‍යවේදීන් අපරාධ වාර්තා කිරීමේ දී සදාචාරාත්මක තීරණ ගැනීමේ වැදගත්කම මෙමගින් අවධාරණය කරයි. පවතින පරීක්ෂණ, සංස්කෘතික වැදගත්කම සහ කතාවෙන් සිදුවන වෙනත් සමාජ බලපෑම ගැන ද අවධානය යොමු කරමින් මහජනතාවගේ දැනගැනීමේ අයිතිය සමනය කිරීම තුලින් ප්‍රේක්ෂකයින්ට, ප්‍රවෘත්ති විවේචනාත්මකව තේරුම් ගැනීමේ අවශ්‍ය තාවයට ඉඩ දිය යුතු බව ද මින් මතක් කර සිටිනවා. එකම සිදුවීම එය වාර්තා කරන්නේ කවුරුන් ද, එය වාර්තා කරන්නේ කොහේද සහ එය සකස් කර ඇති ආකාරය අනුව වෙනස් ලෙස අර්ථ දැක්විය හැකිය.

අවසාන වශයෙන්, ලුවර් මංකොල්ලය පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය, මහජන සංජානනය හැඩගස්වන ආකාරය පිළිබඳ පැහැදිලි උදාහරණයක් ලෙස පෙන්නා දෙනවා. වාර්තාකරණය කිසි විටෙකත් මධ්‍යස්ථ නොවන බවත් එය මාධ්‍යවේදීන්ට සහ ප්‍රේක්ෂකයින්ට මතක් කර දීමක් ද මෙමගින් සිදු වෙනවා.



සටහන :


TMG Chandrasekara ටී.එම්.ජී. චන්ද්‍රසේකර
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 (Media Activist, Communication Specialist, Media Trainer, Guest Lecturer)

Former Director News , Director Training and Research at Sri Lanka Rupavahini Corporation

Former Specialist / strategic Communications at Information and Communication Technology Agency of Sri Lanka (ICTA)

Former Media consultant at Sri Lanka CERT


(උපුටා ගැනීම - Tmg Chandrasekara ෆේස්බුක් පිටුවෙන්.).




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න