විදුලි ඇමති - ලේකම් සීතල යුද්ධයට තිත තබමින් පුබුදු නිරෝෂන් යළි පත්කරයි

විදුලි ඇමති - ලේකම් සීතල යුද්ධයට තිත තබමින් පුබුදු නිරෝෂන් යළි පත්කරයි

බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවැති සීතල යුද්ධය නිමා කරමින් විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට නැවත වතාවක් පුබුදු නිරෝෂන් පත්කර තිබේ.

එම තනතුරට අදාල පත්වීම් ලිපිය පුබුදු නිරෝෂන්ට ලබා දුන් බව බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වසරක පමණ කාලයක සිට පුබුදු නිරෝෂන් කටයුතු කළ අතර ඔහුගේ නිල කාලය ඉකුත්දා නිමාවට පත් වී තිබිණ.

ඉන්පසුව නැවතත් එම ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශය මත පුබුදු නිරෝෂන් පත් කරන බව සඳහන් කරමින් ඊට අදාළ පත්වීම් ලිපිය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔහුට ලබා දී තිබිණ.

එම ලිපිය ලබාදෙන අවස්ථාවේදී බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විදෙස්ගතව සිටි අතර ඒ නැවත දිවයිනට පැමිණි පසුව තමාට නොදන්වා එවැනි පත්වීම් ලිපියක් නිකුත් කිරීමේ බලයක් ලේකම්වරයාට නැතැයි පවසමින් එම ලිපිය නැවත කැඳවීමට පියවර ගෙන තිබිණ.

බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යංයේ ලේකම්වරයා අතර පවතින කිසියම් මත ගැටුමක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වූ බව බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය වාර්තාවීමත් සමග ජනාධිපතිවරයා පසුගිය දා අමාත්‍යවරයා සහ ලේකම්වරයා කැඳවා සිද්ධිය සමතයකට පත්කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න