Image

ඉදිරියේ දී එජාපය කටයුතු කරන ආකාරය වජිර පැහැදිලි කරයි

ඉදිරියේ දී එජාපය කටයුතු කරන ආකාරය වජිර පැහැදිලි කරයි

දැනට ඉදිරිපත් වී තිබෙන පක්ෂ සංවිධානය පිළිබඳ සියලු යෝජනාවලට එජාප නායක රනිල් වික්‍රමසිංහ අවධානය යොමු කර ඇති බවත්, එම යෝජනා අනුව ඉදිරියේ දී ක්‍රියා කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ ඊයේ (11) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.

මතු පළ වන්නේ එම අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ලබා දුන් පිළිතුරු ය.

ප්‍රශ්නය:

අද සාකච්ඡාව කොහොමද?

පිළිතුර:

විශේෂයෙන්ම පසුගිය මාර්තු මාසයට පසුව රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය අද දින රැස් වුණා. සියලුම සාමාජිකයන් මීට සහභාගි වෙලා හිටියා. විශේෂයෙන්ම මෙහි දී යෝජනා කළ ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා.

එකක් තමයි, කොහොමද සියලු දේශපාලන පක්ෂ සමඟ එකට ක්‍රියා කරලා මේ රටේ තිබෙන ප්‍රශ්න අවසන් කිරීම සඳහා ක්‍රියා කරන්නේ කියලා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට ලබන සැප්තැම්බර් 6 වෙනිදාට වසර 80 ක් සම්පූර්ණ වෙනවා. එය මුල් කරගෙන කොහොමද එක්සත් ජාතික පක්ෂය මීළඟ ශක්තිමත් ව්‍යාපාරය ගොඩනගන්නේ කියන කාරණය ගැනත් සාකච්ඡා වුණා.

විශේෂයෙන්ම ඒ අවස්ථාවේ දී සිදුවූ තවත් ප්‍රධාන කාරණයක් තමයි දැනට ඉදිරිපත් වෙලා තිබුණු පක්ෂ සංවිධානය පිළිබඳ සියලු යෝජනාවන්ට නායකතුමා අවධානය යොමු කරා. ඒ යෝජනා අනුව ඉදිරියට පක්ෂය ක්‍රියා කරන්න කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළා.

 ප්‍රශ්නය:

සමගි ජන බලවේගයත් එක්ක සාකච්ඡා කරන්න නැවත වතාවක් පටන් ගන්නවද?

පිළිතුර:

සමගි ජන බලවේගයත් එක්ක දිගටම තියෙන සබඳතා ශක්තිමත්ව පවතිනවා. සම්පූර්ණයෙන් ම කොහොමද එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් ඒකාබද්ධ වෙලා ක්‍රියා කරන්නේ කියන කාරණයත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

 ප්‍රශ්නය:

පළාත් සභා මැතිවරණයක් එනවා කියලා බලාපොරොත්තුවක් තියෙනවද?

පිළිතුර:

පළාත් සභා මැතිවරණය ගැනත් සාකච්ඡා වුණා. වහාම ඒ සඳහා ජනමතයක් ගොඩනැගීම සඳහා ක්‍රියා කළ යුතුයි කියලා.

 ප්‍රශ්නය:

ආණ්ඩුවේ මර්දනය ගැනත් කතා වුණා කියලා ආරංචියි?

 පිළිතුර:

ඔව්, විශේෂයෙන්ම විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් මර්දනය කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග, ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ කෙසේ ද පාලනය කරලා රට ශක්තිමත් කිරීමට පියවර ගන්නේ කියන කාරණය පිළිබඳව සාකච්ඡා වුණා.

 ප්‍රශ්නය:

ඒ සාකච්ඡාවේ සලේ සම්බන්ධයෙනුත් අදහස් ප්‍රකාශ කරාද ?

පිළිතුර:

ඔව්, ඒ ගැනත් කතා කරා. ඇත්ත වශයෙන්ම සියලු කණ්ඩායම් පිළිබඳ සාකච්ඡා වුණා.

ප්‍රශ්නය:

අලුත් නායකයෙක් විදිහට ඇවිල්ලා හිටියා නේද අද නායකතුමා?

පිළිතුර:

ඔව්. නායකතුමා ඉතාම ශක්තිමත්.

 ප්‍රශ්නය:

නායකතුමා අලුත් වෙලා ආවා කියලා කිව්වේ නැද්ද?

පිළිතුර:

එතුමා කිව්වේ, එතුමා අලුත් වෙලා ආවා කියලා තමයි. එතුමා ඇත්තටම ඉතාමත් ශක්තිමත්. හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා. රටක් ආරක්ෂා කිරීමට එතුමාට ඒ ශක්තිය, ධෛර්යය තිබෙනවා.

 ප්‍රශ්නය:

එතුමා රට බාරගන්න සූදානම්ද? පාර්ලිමේන්තුවට එහෙම යයිද?

පිළිතුර:

බලමු ඉස්සරහට කොහොම ද කියලා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න