Image

අධිකරණ අපහාසයට මුවාවී පුරවැසියන් ගේ භාෂණයේ නිදහස අහිමි කිරීමට 'දිනන දකුණ' විරෝධය

අධිකරණ අපහාසයට මුවාවී පුරවැසියන් ගේ භාෂණයේ නිදහස අහිමි කිරීමට 'දිනන දකුණ' විරෝධය

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති පුරවැසියා ගේ භාෂණයේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බරපතළ ලෙස සීමා කරන්නට: විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න, සුගීශ්වර බණ්ඩාර යන පුරවැසි භාෂකයින්ට එරෙහිව පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කටයුතු කරන ආකාරය පිළිබඳව දිනන දකුණ සාමූහිකය තම දැඩි පිළිකුල සහ විරෝධය ප්‍රකාශ කර සිටින බව එම සාමූහිකය සඳහන් කරයි.

ඔවුන් මේ පිළිබඳ සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මහජන මතය මර්දනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම විශේෂිත පනත සක්‍රීයව භාවිතා කරමින්, සාපරාධී විමර්ශනයක් ආරම්භ කිරීම, නීතිමය දෘෂ්ටිකෝණයකින් බලන කළ, නීතිය ඉතා පැහැදිලිව විකෘති කිරීමක් සහ අවභාවිත කිරීමකයැයි එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ දිනන දකුණ සාමූහිකය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

 

ds1

ds2ds3

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න