Language Switcher

V2025

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා - BOC තුරුණු දිරිය මිලියන 200 ඉක්මවයි !

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මගින් මේ වන විට රුපියල් මිලියන 200කට අධික මුදලක් තරුණ ව්‍යවසායකයින් 473 දෙනෙකු අතරේ බෙදා දීමට සමත් වී ඇත.

ජනවාරි මස 09 වැනිදා ණය යෝජනා ක්‍රමය පිළිබදව ලංකා බැංකුව මගින් ඉදිරිපත් කළ නවතම ප්‍රගති සමාලෝචන වාර්තා ඇසුරින් මෙම තොරතුරු අනාවරණය විය.

මෙම ණය ව්‍යාපෘතිය මගින් මේ වන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන ලෙස ව්‍යවසායක ණය නිකුත් කර ඇත. සියළුම දිස්ත්‍රික්ක හා පළාත් තරගකාරී ලෙස මෙම ව්‍යවසායක ණය ලබා දෙමින් සිටින අතර රත්නපුර දිස්ත්‍රික්කය ව්‍යවසායක ණය 72ක් නිකුත් කරමින් දිස්ත්‍රික්ක අතර ඉදිරියෙන්ම සහ පළාත් අනුව බස්නාහිර පළාත ව්‍යවසායක 91ක් නිකුත් කරමින් පළාත් අතරින් ද පෙරමුණ ගෙන ඇත.

ඒ අනුව මේ වන විට තුරුණු දිරිය ණය යෝජනා ක්‍ර‍මය දිවයිනේ සෑම පළාතකම තරුණ ව්‍යවසායකයින් අතර ඉතාමත් ජනප්‍රිය වී ඇති අතර ලිහිල් ඇප ක්‍ර‍මය සහ අවම පොලී අනුපාතයක් තිබීම වැනි සහන රාශියකින් යුක්ත වීම එයට හේතු වී ඇත. "තුරුණු දිරිය"ණය යෝජනා ක්‍රමය දිවයින පුරා විවිධ ව්‍යාපාර වල නියැලී සිටින තරුණ ව්‍යවසායකයින් උදෙසා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති ණය යෝජනා ක්‍රමයකි. මේ තුළින් ඔවුන් මුහුණ දෙන ආර්ථීක බාධක වලට සාර්ථකව මුහුණ දෙමින් ඔවුන් සිහින දකින තම ව්‍යාපාරයේ දියුණුව උදෙසා ලඟා වීමට ඔවුනට හැකි වී ඇත.

ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍ර‍තිපත්ති, ආර්ථික කටයුතු, නැවැත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන “තුරුණු දිරිය"ණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි සිටින තරුණ ව්‍යවසායකයින් උදෙසා සුරැකුම්/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි.

 

දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා වලින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found