එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා - BOC තුරුණු දිරිය අති සාර්ථකයි - ණයලාභීන් 500 ඉක්මවයි !

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා - BOC තුරුණු දිරිය අති සාර්ථකයි - ණයලාභීන් 500 ඉක්මවයි !

කුඩා පරිමාණ තරුණ ව්‍යවසායකයින් නගා සිටුවමින් ඒ හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කරවීම අරමුණ කරගත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍ර‍මය ඉතාමත් සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වී ඇති අතර මේ වන විට ව්‍යවසායක ණය 500 කඩඉම සාර්ථකව පසු කිරීමට සමත් වී ඇත.

ඒ අනුව ජනවාරි මස අවසන් සතිය වන විට මෙම ණය ව්‍යාපෘතිය හරහා රුපියල් මිලියන 217කට අධික මුදලක් ව්‍යවසායක ණය ලෙස මුළු දිවයිනම නියෝජනය වන පරිදි තරුණ ව්‍යවසායකයින් 515 දෙනෙකු අතරේ බෙදා දීමට සමත් වී ඇත. ජනවාරි මස 30 වැනිදා ණය යෝජනා ක්‍රමය පිළිබදව ලංකා බැංකුව මගින් ඉදිරිපත් කළ නවතම ප්‍රගති සමාලෝචන වාර්තා ඇසුරින් මෙම තොරතුරු අනාවරණය විය.

මෙම ණය ව්‍යාපෘතිය මගින් මේ වන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන ලෙස ව්‍යවසායක ණය නිකුත් කර ඇති අතර දිස්ත්‍රික් හා පළාත් වශයෙන් ව්‍යවසායකයින් දැනුවත් කරමින් තරගකාරී ලෙස ව්‍යවසායක ණය නිකුත් කරමින් පවතී. ඒ අනුව පළාත් අතර ඉදිරියෙන්ම සිටින සබරගමුව පළාත මේ සතිය වන විට තම 100වැනි ව්‍යවසායක ණය ප්‍ර‍දානය සිදු කිරීමට ද සමත් විය.

තුරුණු දිරිය ණය ලාභීන් අතර ඇගළුම්, රූපලාවන්‍ය, ඉදිකිරීම්, කාර්මික, පරිගණක හා ඉලෙක්ට්‍රෝනික උපකරණ අලුත් වැඩියාව, සම්භාණ්ඩ නිෂ්පාදන මෙන්ම මැණික් කැපීම හා ඔප දැමීම වැනි විවිධ සේවා හා නිෂ්පාදන ක්ෂේත්‍ර‍න්ට අයත් කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් ඇත. මෙම නව ව්‍යාපාරයන්හි නගා සිටුවීම එම ව්‍යවසායකයින්ගේ සහ සේවදායකයින්ගේ සිට රටේ ආර්ථික මෙන්ම සමාජීය වශයෙන් ද බලපාන ජාතික ජයග්‍ර‍ණයක් ලෙස හදුනාගත හැකිය.

ව්‍යාපෘතියෙහි ප්‍ර‍ගතිය නිරන්තර අධීක්ෂණය කරමින් සහ එහි සාර්ථකත්වයට කැපවෙමින් මෙම කඩයිම ජයග්‍ර‍ණය කිරීම සදහා ණය යෝජනා ව්‍යාපෘතිය සමග ජාතික, පළාත් සහ ප්‍රාදේශීය වශයෙන් රාජ්‍ය ආයතන සහ නිලධාරීන් විශාල සංඛ්‍යාවකගේ දායකත්වය ලැබුණි. ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍ර‍තිපත්ති, ආර්ථික කටයුතු, නැවැත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඇතුළුව දිවයිනේ සියළුම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් හි මැදිහත් වීම මත මෙම ණය යෝජනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න