මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පුළුල් හා කාර්යක්ෂම සේවාවක් සපයමින් පොදු අරමුණු ඉටුකරගැනිම උදෙසා සමුපකාර ව්‍යාපාරය සුවිශේෂී දායකත්වයක් සපයනු ලබයි.
එහෙත් මෙරට සමුපකාර ක්ෂේත්‍රය තුළ දේශපාලනීකරණය, අකාර්යක්ෂම කළමනාකරණය හා පරිපාලන ගැටලු ආදි තත්ත්වයන් නිරීක්ෂණය වී ඇත.
එබැවින් සමස්ත සමුපකාර ක්‍රමවේදය, එහි දැනට පවතින ගැටලු, එම ගැටලු සඳහා විසඳුම් සහ ඒ සඳහා සමුපකාර නීති රාමුව තුළ සිදුවිය යුතු සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
