සූර්ය බල සංග්‍රාමය වැඩසටහන යටතේ දිවයින පුරා මධ්‍යම ජාලයට සම්බන්ධ කුඩා පරිමාණ සූර්ය බලාගාර 90ක් ඉදි කිරීම සඳහා සුදුසු ග්‍රිඩ් උපපොළවල් 17ක් හඳුනා ගන්නා ලදී.
ඒ අතුරින් ත්‍රිකුණාමලය ග්‍රිඩ් උපපොළ සඳහා සම්බන්ධ කරගැනීමට අපේක්ෂිත මෙගාවොට් 1ක ධාරිතාවයෙන් යුත් සූර්ය බල ව්‍යාපෘති 7න් ව්‍යාපෘති 3ක් සීමාසහිත සන්කෝර් සෝලර් සිටි පුද්ගලික සමාගම වෙතත්, ඉතිරි ව්‍යාපෘති 4 සීමාසහිත කැපිටල් සිටි හෝල්ඩින් පුද්ගලික සමාගම වෙත පිරිනැමීමටත්, මොණරාගල ග්‍රිඩ් උපපොළ සඳහා සම්බන්ධ කරගැනීමට අපේක්ෂිත මෙගාවොට් 1ක ධාරිතාවයෙන් යුත් සූර්ය බල ව්‍යාපෘති 5න් ව්‍යාපෘති 4ක් සීමාසහිත ගෝල්ඩන් කෝපරේෂන් ලංකා ප්‍රද්ගලික සමාගම වෙතත් ඉතිරි ව්‍යාපෘතිය සීමාසහිත නිහෝන් ග්‍රීන් පවර් කම්පැනි පුද්ගලික සමාගම වෙතත් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
