විදුලි බල මණ්ඩලයේ දූෂණය විමර්ශනය නොකිරීම හොරකම් නොකරන ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තියකි. වර්තමාන රජය සොරකම යටපත් කළ යුතු නොවේ.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ගේ ජායාරූපයක් ද භාවිත කරමින් ව්‍යාජව සකසන ලද වට්ස්ඇප් (WhatsApp) අංකයක් හරහා දිත්වා සුළි කුණාටුවෙන් හානි වූ පාසල් සඳහා යැයි පවසමින් ආධාර සහ මුදල් එකතු කිරීමේ කූඨ උත්සාහයක් පිළිබඳව දැනගන්නට ලැබී ඇත.
වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත.
බලශක්ති අමාත්‍යාංශය ජාතික විදුලි බල ප්‍රතිපත්තියක් පිළිබඳ කෙටුම්පතක් සකස් කර ඒ පිළිබඳව මහජන අදහස් කැඳවා ඇත.
දූෂිත ගල්අඟුරු ටෙන්ඩරය ගැන ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙසට තමා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අභියෝග කරන බවත් එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පැවසී ය.
ඔහු මෙම අභියේගය එල්ල කළේ ඊයේ පාර්ලිමේන්තුවේ දී ය.
මතභේදයට තුඩුදුන් ටෙන්ඩරයේ පළමු ගල් අඟුරු තොගයෙන් ඩොලර් මිලියන 02කට අධික පාඩුවක් අය කර ගැනීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කරයි.
මම අද ලියන්නේ මාලිමාවට ඡන්දය ලබා නොදුන් මිනිස්සුන්ට නෙවෙයි. මම අද ලියන්නේ ජනාධිපතිවරණයේත්, මහමැතිවරණයේත්, පුංචි ඡන්දයේත් එක් වරක් හෝ මාලිමාවට ඡන්දය දුන් මිතුරන්ට.
සහෘදයනි...,
මාලිමාව බලයට ගෙන ඒමෙන් ඔබ බලාපොරොත්තු වුණේ වෙනස්, දියුණු සංස්කෘතියක්.
නමුත් එය කිසිදා ඉටුනොවන සිහිනයක් බවත්, අවසානයේ සිදුවන්නේ පුරා වසර 76 ක් තිස්සේ ගොඩනැගුණු යහපත් දෑ පවා අවසන් වීම බවත් අප දැන සිටියා. නමුත් ඔබ මාලිමාව විශ්වාස කළා. එදා මාලිමාවට එරෙහිව වචනයක් කතා කළ මිනිසුන් පවා ඔබට, රට විනාශ කිරීමට පැමිණි සතුරන් ලෙස පෙනුණා.
ඔබ සාධාරණයි.
ඔවුන් වචනයෙන්, පොරොන්දුවලින්, හීනවලින් මිනිස්සු රවට්ටන්න දක්ෂයි. දැන් ඔබගේ ඡන්දයෙන් අලුත් ජනාධිපතිවරයෙක්, අලුත් ආණ්ඩුවක් පත් වෙලා අවුරුද්දයි. ඔවුන්ට ලබා දුන් කාලයෙන් පහෙන් එකක්ම අවසන්.
ඔබ අවංකව උත්තර දෙන්න.
මේ පසුගිය අවුරුද්දට මාලිමාවට ඔබගේ සිහින, බලාපොරොත්තු වලින් දශමයක් හෝ ඉටු කරන්න හැකි වුණාද ?
ඔව්!
ඔවුන් ආර්ථිකය හැසිරවීමට දක්ෂයන් නෙවෙයි. ඔවුන්ට රටේ ආර්ථිකය ගොඩනැගීමට තබා, තිබුණු ස්ථානයේ පවත්වාගෙන යාමට පවා බැහැ. දිනෙන් දින ආර්ථික වර්ධන වේගය හැකිලෙනවා. 2027 දී අප යළිත් දරුණු අර්බුධයක් කරා පියනගමින් ඉන්නවා.
නමුත් ආර්ථිකය අමතක කරන්න.
බලාපොරොත්තු නොවූ බලාපොරොත්තු

අවම වශයෙන් ඔබ බලාපොරොත්තු වූ දියුණු, උසස්, නව දේශපාලන සංස්කෘතිය හෝ ඉටු කිරීමට ඔවුන්ට හැකි වුණාද? ඔබගේ ඡන්දයෙන් මාලිමාවට ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයකට ලක්මාලි හේමචන්ද්‍ර පත් කළා. ඇගේ උද්ධච්ඡ, මාන්නක්කාර හැසිරීම ඔබ බලාපොරොත්තු වුණා ද? රාජ්‍ය නිළධාරීන්ට අධිකරණ නියෝග පවා ඉටු නොකරන ලෙසට අණ දීමට තරම් නරක සහ අනීතික ක්‍රියා ඔබ බලාපොරොත්තු වුණා ද?
මාලිමාවේ ඇමතිලාගේ කෝටි ගණනක වත්කම් ඔබ බලාපොරොත්තු වුණා ද? රටේ ඉහළම පුටුවේ සිට ඇමතිවරුන් දක්වාම සියලූ ම දෙනා ඔබගේ මහජන බදු මුදලින් සිය අනියම් ප්‍රේම සම්බන්ධතා නඩත්තු කිරීම ඔබ බලාපොරොත්තු වුණා ද? ඇමැතිවරුන්ගේ අනියම් බිරින්දෑවරුන්ට ඔබගේ බදු මුදලින් විදෙස් සංචාර හිමි වීම ඔබ බලාපොරොත්තු වුණා ද? ඇමතිවරුන්ගේ අනියම් බිරින්දෑවරුන් සහ ඔවුන්ගේ දියණියන් රටේ වැදගත්ම අමාත්‍යංශ පාලනය කිරීම ඔබ බලාපොරොත්තු වුණා ද? ගල් අගුරු ටෙන්ඩරයේ සිට හාල් ටෙන්ඩර දක්වාම රජයේ ප්‍රසම්පාදන වලින් සිදුවන මගඩි ඔබ බලාපොරොත්තු වුණා ද?
විදුලි සේවකයන් ඇතුලුව ලක්ෂයක් හෝ නිහඬ කර බලය පවත්වා ගන්නා බව කියන රංජන් ජයලාල්ගේ කතා ඔබ බලාපොරොත්තු වුණා ද? ඔබ පත් කර යැවූ 'උගතුන්' මන්ත්‍රී කටු දරද්දී, පැලවත්තේ කල්ලිය විසින් රට පාලනය කිරීම ඔබ බලාපොරොත්තු වුණා ද? ඔබ විසින්ම උත්කර්ෂයට නැගූ ටිල්වින් සිල්වාට රාජයේ තීරක බලය හිමිවීම ඔබ බලාපොරොත්තු වුණාද? බොරු අධ්‍යාපන සුදුසුකම් පෙන්වා ඔබව රැවටීම ඔබ බලාපොරොත්තු වුණා ද? රාජ්‍ය සේවය දේශපාලනීකරණය කරමින්, රාජ්‍ය සේවය පැලවත්තේ බූදලයක් වීම ඔබ බලාපොරොත්තු වුණා ද?
සෑම මගඩියක්ම හෙළිවීමෙන් පසුව උද්ධච්ඡ ස්වරයෙන් පැමිණිල්ලක් දමන්න යයි කියා, දමනා පැමිණිලි යට ගසනා පොලීසියක්, අල්ලස් කොමිසමක් ඔබ බලාපොරොත්තු වුණා ද? මින්පෙර ඔබ ඡන්දය දුන් දේශපාලන බලවේග විසින්ම මහා සටනකින් ඇතිකළ ස්වාධීන කොමිසම් සභා තුට්ටුවකට මායිම් නොකරමින්, සියලූම බලයන් දේශපාලන අධිකාරියට යටත් කිරීම ඔබ බලාපොරොත්තු වුණා ද? තවමත් වසන්තට, කුමාර ජයකොඩිට තබා ලක්මාලි හේමචන්ද්‍රටවත් නීතිය ක්‍රියාත්මක නොවන රටක් ඔබ බලාපොරොත්තු වුණාද ?
(Sachin Rathwatte)
උපුටා ගැනීම Bai Thaksalawa - බයි තක්සලාව Face book පිටුවෙන්
2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු දූෂණ පැමිණිල්ලක් අනුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගත් තීරණය ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙයි.
ලැබී ඇති අනුපිළිවෙල අනුව ගොනුව සැකසීමට පියවර ගනිමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ගත් තීරණයෙන් පසු, ගොනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක වෙත යවා ඇති බවත්, ඔහු එය අවශ්‍ය පියවර සඳහා නීති අංශයට යොමු කර ඇති බවත් දැනගන්නට තිබේ.
මේ වන විට කොමිසම නීති අංශයට යවා ඇති නඩු 69ක් සම්බන්ධයෙන් නඩු පැවරීමට නියෝග කර ඇත.
අමාත්‍ය ජයකොඩිගේ ගොනුව අංක 49 ලෙස ලැයිස්තුගත කර ඇති අතර නඩු 25කට අදාළ අධිචෝදනා දැනටමත් අවසන් කර ඇත.
රුපියල් මිලියන 8ක් අයථා පරිහරණය කිරීමේ චෝදනා මත අමාත්‍යවරයාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතය.
පරීක්ෂාවට ලක් වූ විශේෂිත ටෙන්ඩරයක් ප්‍රදානය කළ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස අමාත්‍ය ජයකොඩි මහතා එවක කටයුතු කර ඇත.
ගෙවීම් ක්‍රියාපටිපාටි සහ බැඳුම්කර ස්ථානගත කිරීම පිළිබඳ ගැටළු මතුවීමෙන් පසුව ටෙන්ඩරය පිළිබඳ පරීක්ෂණ ආරම්භ විය.
අයකිරීම පිළිබඳ පෙර විමර්ශන සළකා බලමින් අල්ලස් කොමිසම පරීක්ෂණ නැවත ආරම්භ කර තිබිණි.
( divaina)

සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි බල වෘත්තීය සමිති පවසයි.
අප රටේ විදුලිබල ක්ෂේත්‍රය මෑතකදී ගත් දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරමින් ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සම්පූර්ණ කළ බවත්, ඔබ සම්බන්ධ වුණු අලුතින් පිහිටවූ ආයතනවල අධිෂ්ඨානශීලිව සහ කැපවීමෙන් කටයුතු කරමින් “පොහොසත් රටක් ලස්සන ජීවිතයක සිහිනය“ සැබෑ කර ගන්න අත්වැල් බැද ගනිමු යැයි බලශක්ති අමාත්‍යවරයා පැවසී ය.
විදුලිබල ක්ෂේත්‍රයේ මිලදී ගැනීම් ටෙන්ඩර් පටිපාටිවලට සහ ප්‍රසම්පාදන ක්‍රමවේදවලට අනුකූලව නීත්‍යානුකූලව සිදුකර ඇතැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.
විදුලිබල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීම සඳහා දින 21ක් ලබා දුන්නා යැයි බලශක්ති අමාත්‍යවරයා පැවසී ය.
විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අදාළව වෘත්තීය සමිති නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අතර සාකච්ඡාවක් ඊයේ (13) සවස දින බලශක්ති අමාත්‍යංශයේ දී පැවැත්විණි.
එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා...
මගේ ප්‍රතිපත්තිය මෘදු ලෙස ප්‍රතිචාර දැක්වීම යි
''වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවයන් හොඳින් හඳුනාගත් රජයක් ලෙස මේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල පුරා සේවක වරප්‍රසාද සහ අයිතිවාසිකම් සුරැකීම කෙරෙහි අවධානය යොමු කළා. වෘත්තීය සමිති නියෝජිතයින් හා විටින් විට සාකච්ඡා කරමින් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කළා. ඒ අනුව, වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටු කිරීමට උපරිමව ක්‍රියා කළා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කෙරෙහි වුවත් අමාත්‍යවරයා වශයෙන් මෘදු ලෙස ප්‍රතිචාර දැක්වීම මගේ ප්‍රතිපත්තිය යි. සාකච්ඡා ක්‍රියාමාර්ග ඔස්සේ ගැටලු විසඳා ගැනීමේ ක්‍රමවේදයට මුල් තැනක් දී ඉදිරියටත් ක්‍රියාකරනවා.''
මෙහි දී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයෝ තම ඉල්ලීම් වැඩි ප්‍රමාණයක් ඉටු කිරීමට ක්‍රියා කිරීමත්, ඉතිරි ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එකඟවීමත් පිළිබඳව බලශක්ති අමාත්‍යවරයාට සහ රජයට ස්තූතිවන්ත වන බවත්, සිදුකරගත් එකඟතා අනුව, විශේෂයෙන් ම දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමග සම්බන්ධවී සිටින වෘත්තිය සමිති හෙට දින රැස්වී එකී ක්‍රියාමාර්ගය පිළිබදව මෙන්ම ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කර වැඩි විස්තර රටට හෙළිකරන බවත් ප්‍රකාශ කළහ.
විදුලිබල ක්ෂේත්‍රයට අයත් වෘත්තීය සමිති වැඩි ප්‍රමාණයක නියෝජිතයින් මෙන්ම පනත අනුව විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් අලුතින් පිහිටවූ සමාගම් හතරෙහි අධ්‍යක්ෂවරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ශාන් මොහොමඩ්)

ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින්, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සහායෙන්, ධීවර ප්‍රජාවට සහනයක් ගෙන එමින්, ගුණාත්මක බවින් ඉහළ “සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩ පිළිවෙළක් ඊයේ (27) සිට ආරම්භ කරන ලදී.
රටේ විදුලි පද්ධතිය ස්ථාපනය කළ දා සිට මේ වන තුරු ස්වභාවික ආපදා තත්ත්ව හේතුවෙන් විදුලි යටිතල පහසුම්වලට සිදුවූ බරපතළ ම බිඳ වැටීම දිත්වා සුළි කුණාටුව නිසා සිදුවූ බවත්, එහෙත් බිඳ වැටුණු සියලු ම යටිතල පහසුකම් පෙර පැවති තත්ත්වයටත් වඩා ඉහළින් සහ ශක්තිමත්ව යළි ගොඩනැගීමට කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍යවරයා පැවසී ය.
සූර්යබල ගබඩාකරණ පද්ධති ආනයනය කිරීමේදී පනවා තිබූ සියයට 46ක ආනයන බද්ධ ඔක්තෝබර් 15 දින සිට ආහෝසි කළ බව ද, ඒ අනුව දැනට ගිවිසුම් ගත මෙගාවොට් 01කට වඩා වැඩි බැටරි ගබඩාකරණ පහසුකම් සඳහා බැටරි ගෙන්වීමේ දී පෙර තිබූ ආනයන බද්ධ නොපැනවෙන බව ද බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

