#lka

  • හිටපු ජනපති රනිල්, අල්ලස් කොමිසමෙන් කැඳවයි

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ ලබන 25 වැනිදා පෙනී සිටින්නැයි නැවත දැනුම්දීමක් කර තිබේ.

    ඒ, දූෂණ විරෝධී පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

    පසුගිය 17 වැනිදා අල්ලස් කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයාට පෙනී සිටින ලෙස දැනුම්දීමක් කළද එම දිනයේ රනිල් වික්‍රමසිංහ  කොළඹ නොමැති බව දන්වමින් කොමිසම හමුවට පැමිණියේ නැත.

    එදින නොපැමිණිමට ඉදිරිපත් කර ඇති හේතුව සාධාරණ දැයි පරීක්ෂණයට යටත්ව නව දිනය ලබා දුන් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රකාශ කළේය.

    මේ අතර රනිල් වික්‍රමසිංහ  අද ප්‍රකාශ කළේ සිය නීතිඥවරයා විදේශගතව සිටින බැවින් ඔහු ආපසු පැමිණීමෙන් පසුව දිනයක් ලබා ගන්නා බවයි.

  • හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

    හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Page 4 of 4

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න