#lka

  • රනිල් කොලම - විජේදාස ඉලක්ක කරන හේතුව රනිල් පැහැදිලි කරයි

    විජයදාස ගේ සුවදුක් විමසීම සඳහා රනිල් ඉකුත් සතියේ ඔහු ගේ නිවසට ගියේ ජනාධිපති නීතීඥ රොනල්ඩ් සමගයි. ඒ අවස්ථාවේ සජබ දොස්තර කාවින්දත් එහි සිටියේ ය.

  • රාජදුරෙයි සංශෝධනය, සූරසේන සංශෝධනය සහ අනුරතුමා කෙළවාගන්නා තැන

    අනුරතුමා තමන්ට අවනත අග්‍රවිනිශ්චයකරුව තව දුරටත් තබා ගැනීම සඳහා විනිසුරුවරුන් ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට යයි. එය ඔහුට ම පාරාවළල්ලක් වනු ඇත. මට මතක් වූයේ පහත සඳහන් කියමනය;

  • රුපියල් මිලියන 1340 ක වියදමින් කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14 ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට පියවර

    කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සහ ප්‍රාදේශීය මාර්ග සංවර්ධනය සඳහා ක්‍රියාත්මක ප්‍රධානතම රාජ්‍ය සංවර්ධන වැඩසටහනක් වන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන iRoad (Integrated Road Investment Program) යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත.  

  • ලංකාවේ ප්‍රථම ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල; "කොළඹ සාහිත සමය 2026" (Colombo Literary Festival 2026) ජූලි 24වන දින සිට 29වන දා දක්වා

    ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන තෙබසට ම සම මුල් තැන දෙමින්, මෙරට ප්‍රථම වරට සංවිධානය වන ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය මංගල්‍යය — "Colombo Literary Festival 2026" (කොළඹ සාහිත සමය 2026),

  • වත්මන් දේශපාලන ගතිකවල යථාර්ථමය ස්වරූපය දැඩි ලෙස පුද්ගලවාදියි - දිනන දකුණ සාමූහිකය

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් මෑතකදී සිදුකරන ලද සමාජ දර්ශක (Social Indicator) මත විමසුමෙන් හෙළිවන සැබෑ දේශපාලන යථාර්තය සමාජගත කිරීම කාලෝචිත වන බවත්, එසේ නොවන්නේ නම් මේවන විට සිදුවෙමින් පවතින ආකාරයට මත විමසුම තුළින් වියුක්තව ලබා ගන්නා අදහස් විවිධ දේශපාලන බලවේග විසින් තමන්ට රිසි පරිදි සමාජගත කිරීම හේතුවෙන්, සමාජය පිළිබඳ නිසි දේශපාලන කියවීමක් ලබා ගැනීමට ඇති ඉඩකඩ අප වෙතින් ඇවිරෙන්නේ යැයි  දිනන දකුණ සාමූහිකය සඳහන් කරයි.

  • වත්මනෙහි එක පරපුරක් ම මත් ද්‍රව්‍ය වසංගතයට ගොදුරු වෙලා - Ideas front වීඩියෝවක්

    වර්තමාන කම්කරු ක්ෂේත්‍රයේ පිරිස අතුරෙන් 95%පමණ ම මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • වධහිංසාවට ලයිසන් දෙන PTA අහෝසි කරන්නේ කවදාද?

    ජූනි 26 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත්තේ, වධහිංසා පැමිණවීම පිටුදැකීම සහ වින්දිතයන්ට සහයෝගය දැක්වීම සඳහා වූ ජාත්‍යන්තර දිනය (International Day in Support of Victims of Torture) ලෙසිනි.

  • වරුණ ජයසුන්දරව PTA යටතේ අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නෑ – නීතිපති අධිකරණයට දන්වයි

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මෙම අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති බව නීතිපති අද (12) අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

  • විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට වගේම රටේ ආර්ථිකයටත් ඉතා වැදගත් - අමාත්‍ය අනුර කරුණාතිලක

    ‘‘දැනට මෙරට භාවිත වාහන ප්‍රමාණයෙන් විද්‍යුත් වාහන ප්‍රතිශතය සියයට එකයි. ඒක යම් ප්‍රමාණයකින් වැඩිකරලා ඒවා ආරෝපනය කරන්න පුනර්ජනනීය බලශක්තිය භාවිත කරන්න හැකි නම් පොසිල ඉන්ධන සඳහා වියදම් වන රුපියල් බිලියන ගණනක් ඉතිරි කරන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ පුනර්නනීය බලශක්ති විභවතාව ඉහළින්ම ප්‍රයෝජනයට ගන්නත් අවසානයේ දී ආර්ථිකයට ඉහළ දායකත්වයත් ලබාදෙන්නත් පුලුවන්” යැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කර සිටියේ ය. 

  • විනිසුරුවරුන් ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව විපක්ෂය කතානායකට ලියයි

    උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන් ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳ ව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ව්‍යවස්ථාදායකය සභාවේ සභාපතිවරයා ලෙස අතිගරු ජනාධිපතිතුමා ගෙන් ඉල්ලීමක් කරන ලෙස ද,  පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කර ජනතාව සතු පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් වන අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටිමින්, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් කළ ලිපියක් අද (12) ගරු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත බාරදී ඇත.

     

    721466946 1433462078587943 7993604772192446523 n

    719188275 1433462101921274 3191766173525851249 n

    (මාධ්‍ය අංශය )විපක්ෂ නායක කාර්යාලය - ‎ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

  • විරෝධතාකරුවන් නේපාල පාර්ලිමේන්තුවට ගිනි තබයි

    නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ශර්මා ඔලී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    රොයිටර්ස් පුවත් සේවය ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු උපුටා දක්වමින් මේ බව වාර්තා කළේය.

    NDTV පුවත් සේවය සඳහන් ක‍ළේ, අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය, ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

    සමාජ මාධ්‍ය තහනමට එරෙහිව නේපාලයේ තරුණයින් ආරම්භ කළ විරෝධතා උත්සන්න වීම අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතු වී තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය කේ.පී. ශර්මා ඔලීගේ නිවසට ගිනි තබා ඇති බවයි.

    නේපාල ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩල්ගේ සහ, හිටපු අගමැති පුෂ්ප කමල් දහාල් ඇතුළු අමාත්‍යවරුන් පිරිසකගේ නිවෙස්වලට ද හානි වී ඇති බව, විදෙස් වාර්තාවල දැක්වේ.

    තවත් විරෝධතාකරුවන් පිරිසක් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වැටලු අතර, ඔවුන් මේ වන විට, එම පරිශ්‍රයට ද ගිනි තබා තිබේ.

    විරෝධතා උත්සන්න වී ඇත්තේ, රජය විසින් පනවා තිබූ සමාජ මාධ්‍ය ජාලා තහනම, අද පෙරවරුවේ ඉවත් කර ඇති පසුබිමකදීය.

    නමුත් රටේ පාලකයින් මහජන මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් සහ, දේශපාලකයින්ගේ දූෂණ සහ වංචාවලට විරෝධය පළ කරමින් නේපාල වැසියන් තවදුරටත් විරෝධතාවයේ නිරත වේ

    විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 19කි.

    නේපාල රජය බලාපොරොත්තු වූ පරිදි, සමාජ මාධ්‍ය ජාලා නේපාලයේ ලියාපදිංචි නොවීම හේතුවෙන්, රජය හදිසියේම Facebook සහ Instagram ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම මෙම විරෝධතා ආරම්භ වීමට හේතු විය.

    ජෙන් සී (GEN Z) හෙවත් 1990 දශකය අග භාගයේ උපත ලැබූ පිරිස් මෙම විරෝධතාවයට නායකත්වය ලබාදීම විශේෂත්වයකි.

  • ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය: බුද්ධි අංශ අසමත්වීමක් ද...? නැතහොත් බුද්ධි මෙහෙයුමක් ද...?

    2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ නගරය කැලඹූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 250 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 500 කට තුවාල සිදු විය. එදින සිට, සිදුවීමට පෙර සහ පසු ශ්‍රී ලංකා හමුදාවේ සහ බුද්ධි අංශවල භූමිකාව වටා ඇති ප්‍රශ්නවලට පිළිතුරු මේ වන තෙක් නිසි ලෙස ලැබී නොමැත.

  • ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය එක තැන පල්වෙයි; CAPS වාර්ෂික වාර්තාව හෙළි කරයි

    Doing Good Index (DGI) දර්ශකය ඔස්සේ ආසියානු කලාපයේ සමාජ සේවා තත්ත්ව ඇගයීමට ලක් කරන ‘ආසියානු පරිත්‍යාගශීලීත්වය හා සමාජය සඳහා වූ මධ්‍යස්ථානය’ (Centre for Asian Philanthropy and Society - CAPS) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාව මගින් මේ බව හෙළිදරව් කර ඇත.

  • සජිත් ගේ දේශපාලන සතිය - ඉන්දීය නියෝජිතයින් වෙතින් සජිත්ට පැසසුම්

    අපි රටක් විදිහට බරපතළ අවධානම් තැනක සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. ආර්ථික වශයෙන් වත්මන් ආණ්ඩුව ලොකු පීඩනයක් ජනතාව මත මුදාහරිමින් සිටින්නේ ඒ නිසා ය. තෙල්, ගෑස්, කිරිපිටි, විදුලි, එකී, මෙකී, නොකී සියලු දේම දිනපතා ඉහළ නගිමින් ඇත්තේ ආර්ථික ගිනි කන්ද යළිත් පුපුරන්නට ආසන්න වී ඇති නිසා ය. 

  • සලේ ගේ බිරිඳ සහ නීතිඥ අසිත් සිරිවර්ධන, සලේ පිළිබඳව ශානි අබේසේකර වෙත ලියති!

    රෝහල්ගත කර සිටින රැඳවි, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ දෛනිකව බැහැදැකීමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා සුරේෂ් සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ බන්දුසේන සහ නීතිඥ අසිත් සිරිවර්ධන යන දෙපළ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපි දෙකක් යොමු කර ඇත.

  • සලේ යළිත් සැලී යෑම: හබුං කන්න කැමැතිවීම, මුරපදවලටත් මුරකාරකම් බැරිවීම සහ අධිකරණය ශානි නොහැලීම

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) රැදවුම් භාරයේ සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සිය 'මාරාන්තික උපවාසය' අත්හැර දැමුවේ පරිපූර්ණ පරාජිතයකු ලෙසිනි; දැමූ කොන්දේසි කිසිවක් ම දිනාගන්නේ නැතිව නිකම් ම නිකම් හිස්අතිනි.

  • සියලු දෙනා ගේ ම ජීවිතයේ තෘප්තිකර පරමාණුව "ඒක තමයි මේක"

    වර්තමානයේ වඩාත්ම ප්‍රබල සන්නිවේදකයා ගේ කාර්‍යයය ඉටුකරන - MARK SUCKERBERG / ANDREW WEINREICH වැන්නන්ගේ ගේ නව සමාජ මාධ්‍ය හරහා සමාජගත වූ ලාංකීය විනෝදාස්වාදයේ ප්‍රමුඛයින් හය දෙනෙක් එකවිට තම සිනමා වටිනාකම් උරගා බැලීමේ තරගකාරී සිනමා සටනක් වෙනුවෙන් තිරය මත තරගවදියි.

  • සුරේෂ් සලේ රඳවා සිටි සිර මැදිරිය මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණයට - නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු අඩුපාඩු රැසක්!

    දැනට රැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කරයි.

  • සෝමවංශ අමරසිංහ අප අතරින් වෙන්වී වසර දහයකි

    රෝහණ විජේවීර ගේ ඝාතනයෙන් ඉක්බිති ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නායකත්වය වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පවරන තෙක් එම පක්ෂයෙහි නියකත්වය දැරුවේ සෝමවංශ අමරසිංහ ය. ඊයේ ඔහු අප අතරින් වෙන්ව ගොස් හරියට ම දස වසරකි.

    මතු පළ වන්නේ එය නිමිති කරගනිමින් රෝණ විජේවීර ගේ පුත්, දෙවන පරපුර පක්ෂ නායක උවිඳු විජේවීර තැබූ සටහනකි.

  • සෞඛ්‍ය අමාත්‍යංශයට එරෙහි පැමිණිල්ලක් විභාග කිරීමට සූදානම්

    සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති වෛද්‍ය සැපයුම් අංශයේ සිදුවන වංචා සම්බන්ධයෙන් අල්ලස් දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් අල්ලස් දුෂණ විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් කොමිසම තීරණය කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න