#lka

  • ජවිපෙට ජාතික ජන බලවේගය හරහා පක්ෂයේ පැරණි "සංවෘත/ප්‍රතිරෝධී" ස්වභාවය පවත්වාගෙන යා හැකි ද...?

    මාක්ස් පවා මාක්ස්වාදියකු නොවන ලෙස අර්ථ දැක්විය හැකි ආකාරයට වංගිස සුමනසේකර විසින් ලාංකීය වාම දේශපාලන අවකාශය තුළ නිතර කතාබහට ලක්වන, බුද්ධිමය න්‍යාය සහ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය අතර පරතරය ස්පර්ශ කරන අදහස් දැක්වීමක් දක්නට ලැබුණි. කෙසේ වෙතත්, මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින් සහ දයලෙක්තික විශ්ලේෂණයකින් බලන කල, එම ඉදිරිපත් කිරීම තුළ ප්‍රධාන න්‍යායික සීමා සහ පැහැදිලි පරස්පර කිහිපයක්‌ හඳුනා ගත හැකි ය.

  • ජාජබ (NPP) ආණ්ඩුව පවා ඇස් කන් පියාගෙන සිටින ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය

    ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ අර්ධ නාගරික කලාපයන්හි නිහඬව වර්ධනය වී, අද වන විට සමස්ත සමාජ-ආර්ථික දේහය ම වෙළාගෙන ඇති ප්‍රධානතම ව්‍යසනයක් වන්නේ කොල්ලකාරී ක්ෂුද්‍ර මූල්‍ය (Predatory Microfinance) ණය අර්බුදය යි.

  • ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සිනමා පාසලක්

    ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තය නව මාවතකට යොමු කරමින්, පරිපූර්ණ වූ නව ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සිනමා පාසලක් (National Film School) ස්ථාපිත කිරීම සඳහා වන විද්වත් රැස්වීමක් 2026 ජූනි 18 වන දින ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි.

  • ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය තහවුරු කරයි!

    බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද මාස 09 ක සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කරණ ලදී.

  • ඩෙංගු උවදුරෙන් ජීවිත බේරාගනිමු

    පැවති වර්ෂාමය තත්ත්වයෙන් පසු ඩෙංගු රෝගය නැවතත් රට තුළ උත්සන්න වෙමින් පවතී. විශේෂ ඩෙංගු මර්දන ජාතික මෙහෙයුමක් ජූනි 24, 25 සහ 26 යන තෙදින පුරා දිවයින පුරා ක්‍රියාත්මක වේ.

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා ගෝඨාභයගෙන් පෙත්සමක්!

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

  • තිස්පස් වසරක ලෝක අර්බුදයට වගකිව යුත්තේ කවුද...? - Ideas front වීඩියෝවක්

    වර්තමානයේ ගෝලීය මට්ටමෙන් පැන නැගී ඇති සියලු ප්‍රශ්න පැන නැගී ඇත්තේ වසර 35ක පමණ කාලයක් ඇමරිකාව විසින් ලෝකල පාලන කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • තිළිණි ප්‍රියමාලිට වරෙන්තු

    ව්‍යාපාර කටයුතු සඳහා බව පවසමින් මුදල් ලබා ගෙන වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි තිළිණි ප්‍රියමාලිට අද (01) යළි වරෙන්තු නිකුත් කළේ ය.

  • දිස්ත්‍රික් 14ක ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අවධානය

    ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම මැඩපැවැත්වීමට අදාළ ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (15)  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද  ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

  • දේශපාළුවන් මතු නොව ඔවුන් ගේ දරුවෝ ද මංකොල්ලකරුවෝ ද...?

    1977 වසරෙන් පසු එළඹි යුගය තුළ පොදුවේ ''රට'' යම් පමණකට සංවර්ධනය වුව ද, එලෙස සංවර්ධනයට යෙද වූ මුදලට වඩා සිය දහස් ගුණයක මුදලක් ඉතා සූක්ෂ්ම අනදමින් කොල්ලකන්නට රාජ්‍ය පාලකයෝ සමත් වූහ.

  • නියර මකා වී ගොවිතැනින් ගොඩ යෑමට ගොවියාට ඉඩ දීම

    ඇතැම් රූපවාහිනී තිරවල දිස් වෙන ආකාරයට අනුව වී ගොවීන් මුහුණ දෙන අස්වැන්න අලෙවි කර ගැනීමේ ප්‍රශ්නය ලාල් කාන්ත ඇමැතිවරයා ඉලක්ක කරගත් මාලිමා විරෝධීන් යොදා කෙරෙන මීඩියා වැඩක් බව මාලිමාලෝලීන්ට සිතිය හැකි ය. එහෙත් වී වගා කිරීම ජීවනෝපායක් ලෙස පවත්වාගෙන යෑමට වී ගොවියාට කලක් තිස්සේ ම අසීරු වී ඇති බවත් එයට ප්‍රමාණවත් විසඳුම් යෝජනා කිරීමට මේ දක්වා කිසිදු ආණ්ඩුවක් අපොහොසත් වූ බවත් අප අමතක කළ යුතු නැත.

  • පළාත් සභා වහාම ස්ථාපිත කිරීම සඳහා සුදුසු මැතිවරණ ක්‍රමයක් පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් යෝජනා තුනක්

    පළාත් සභා මැතිවරණය සඳහා ක්‍රමවේදයක් තෝරාගැනීම සඳහා වූ  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය යෝජනා 03ක් ඉදිරිපත් කර ඇති බවත්, එමගින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අපේක්ෂා කරන්නේ පළාත් සභාවල කාන්තා හා තරුණ නියෝජන සහතික කිරීම සඳහා සිදුකරන යෝජනා සැලකිල්ලට ගනිමින් වඩාත් ප්‍රායෝගිකව අදාළ යෝජනා යථාර්ථයක් කරලීමට අවශ්‍ය පියවර ගන්නා අතර පළාත් සභා මැතිවරණය නොපමාව පැවැත්වීමට හැකි ආකාරය පෙන්වා දීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

  • පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකාවේ පළමු ජිම්නාස්ටික් විනිසුරුවරිය; අමායා සිතුමිණි

    2026 - පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ජූලි 23 දින සිට එක්සත් රාජධානියේ දී ආරම්භ වීමට නියමිත ය. ඒ සදහා ජිම්නාස්ටික් ඉසව් සඳහා ජාත්‍යන්තර විනිසුරුවරියක් ලෙස ශ්‍රී ලංකාවේ අමායා සිතුමිණි සහභාගී වන්නී ය.

  • බලශක්ති අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් තිදෙනෙක් ලෙස පෙනී සිටි සැකකරුට ඇප

    දිට්වා  සුළි කුණාටුව හේතුවෙන් අවතැන්ව සිටින මධ්‍යම පළාතේ පාසල් සිසුන්ට ආධාර ලබා දෙන බව පවසමින් බලශක්ති අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් තිදෙනෙක් ලෙස පෙනී සිට, ව්‍යාජ ලේඛන සකස් කර ආධාර එකතු කළ බව කියන  සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුදේශ් නලින්ද අල්විස් නැමැති සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (17) නියෝග කළේය.

  • බොලිවුඩ් තරු: ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා, ආදිත්‍ය රෝයි කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් අද දිවයිනට!

    බොලිවුඩ් තරු ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා, ආදිත්‍ය රෝයි කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් අද (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුලෙන් ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.

  • බෞද්ධාලෝක මාවතේ සංවාදය  

    බදාදා රාත්‍රියේ ගෙදර යන ගමනේදී දිලීත් ජයවීර බෞද්ධාලෝක මාවතේ පාසැල් මිතුරෙකුගේ නිවසට ගිහිල්ලා. එතන එයා නොදන්නා තුන්දෙනෙක් ඉදලා.

    "මේ මගේ මලිමාවට ඡන්දය දුන්න යහලුවෝ, ඉස්සරනම් උග්‍ර මහින්ද වාදීයෝ” මිතුරා කොක් හඬලා ඔවුන් දිලීත්ට හඳුන්වා දෙමින් කියලා. "දැන් දිලිත් කරන දේශපාලනය ගැන පැහැදීමකින් කතා කරනවා."

    මේ කට්ටිය, කෑම කන ගමන් රට ගැන සංවාදයකට වැටුණා.

    "මම මේ රට ගැන හැමදාම විශ්වාස කළා. මම රට පුරා යද්දී, මේ රට ඉස්සරහට අරන් යන්න අවංකව මහන්සිවෙලා වැඩකරන්න කැමති හොඳ මිනිස්සු මට ඕන තරම් හමුවනවා."

    කතාබහේ හිටිය ශල්‍ය වෛද්‍යවරයෙක් කතා කළා. "ඇයි දිලිත් මේ ආන්ඩුවේ දූෂණය ගැන කතා කරන්නේ නැත්තේ ? හැමෝම ඒ ගැන කතා කරනවා."

    "හොඳයි, මම තමයි ජේවීපී රටේ බිහි වෙච්ච වඩාත්ම දූෂිත පක්ෂය කියලා දිගටම කියන කෙනා," දිලීත් පිළිතුරු දුන්නා.

    "මම විශ්වාස කරන්නේ නැහැ පුද්ගලයන්ට එරෙහිව චෝදනා තනි තනිව හඹා යන එකට. මම ජේවීපී හෝ අනිත් අය වගේම දේශපාලනය කළොත් මා සහ ඔවුන් අතර වෙනස මොකක්ද? දූෂණය මැඩලීමට, තව ඕන අණ පණත් සහ තාක්ෂණය ගැන මේ දවස්වල මම හදාරමින් ඉන්නවා. ඒ වගේම උපදෙස් ගන්නවා. මම කැමති මිනිස්සුන්ට යථාර්ථය පැහැදිලි කරලා මේ රට ඉදිරියට ගෙනයන්නේ කොහොමද කියලා පෙන්වන්න."

    සංවාදය ඉදිරියටත් ගිගිහිල්ල, පාලනයේ විවිධ පැති සහ රටේ දිශාව ආවරණය කරමින්. නමුත් රජය එක්සත් ජාතීන්ගේ යෝජනා ව්‍යසනය හැසිරවූ ආකාරය ගැන සාකච්ඡාව හැරුණු විට දිලීත් සංවේදි වේදී වෙලා.

    එතන හිටිය හිටපු යුධ හමුදාපති කෙනෙක් ගේ, අවුරුදු 33 ක, මුනුපුරෙක් කියලා, “දිලිත් අය්යා හරි, අපේ සීයා ජීවතුන් අතර නැහැ, නමුත් මට තේරෙනවා, මේකේ තියෙන භයානක කම. ගොඩාක්, රණවිරු පවුල් වල අය ඉන්නේ, කන්සසල්ලෙන් හා බයෙන්”.

    නෙලුම් ගෙදර බලාගෙන ඉන්නවා. අපි ආයේ දවසක හමුවෙලා කතාකරමු, දිලිත් යන්න ඉස්සරවෙලා කියලා.

  • මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ - නාමල් රාජපක්ෂ

    පාස්කු ඉරු දින ප්‍රහාරයේ මරාගෙන මැරුණ බෝම්බකරුගේ පියා ජවිපෙ ජාතික ලයිස්තුවේ බව කිසිවකු කතා කරන්නේ නැතැයි යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • මාධ්‍යට, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පුරවැසියන්ට එරෙහිව එල්ල කෙරෙන රාජ්‍ය මර්ධනය වහා නවතනු - වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

    ලාංකීය ජනතාව සිය පරමාධිපත්‍ය බලය උපයෝගී කරගනිමින් වත්මන් පාලකයින් බලයට පත් කළේ සිහිබුද්ධියෙන් යුතුව රාජ්‍ය කටයුතු පරිපාලනය කිරීම සඳහා වුව ද තමන් අතට පත් වූ දේශපාලන අධිකාරී බලය අත්තනෝමතික ලෙස භාවිතා කරමින් පුරවැසියා මර්දනය කිරීමට රජය දරන උත්සාහය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) පිළිකුළෙන් යුතුව හෙළා දකින බව එම සංගමය සඳහන් කරයි.

  • යාවත්කාලීනය දොරගුළු ලෑ හේවුඩ් මියුසියම්

    හේවුඩ් මියුසියම් තුළ පවතින ප්‍රධානතම ගැටලුව මියුසියම් ක්‍රමවේදය ගැන තිබෙන ආකල්පමය දිළිදුභාවය යි. මෙම කෞතුකාගාරයට ඇතුළත් කර ඇති කලාකරුවන් සහ කලා කෘති නිෂ්චිත කාල පරාසයකට යටත් කර ඒ වගේම කලාකරුවන් සංඛ්‍යාවකට යටත් කර එය නැවත නොසෙල්වෙන සහ යාවත්කාලීනය දොරගුළු වසා දමා ඇති සේ පරිසමාප්ත නිෂ්ටාවක් බවට පත් කිරීම දැකිය හැකි ය.

  • රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක සම්පත් කොටියි, ජේවීපී එකයි විනාශ කරලා තියෙනවා - නාමල් රාජපක්ෂ

    අද ආර්ථිකය පිළිබඳ කතා කරන ජනතා විමුක්ති පෙරමුණ සහ එල්.ටී.ටී. ය පහුගිය වසර කිහිපය තුළ වර්තමාන ලංකාවේ දේශීය විදේශීය ණය මෙන් දෙගුණයක් තරම් ප්‍රමාණයක් මේ රටේ විනාශ කර ඇතැයි පොදුජන පෙරමුණේ  ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න