Image

ඩෙංගු උවදුරෙන් ජීවිත බේරාගනිමු

ඩෙංගු උවදුරෙන් ජීවිත බේරාගනිමු

පැවති වර්ෂාමය තත්ත්වයෙන් පසු ඩෙංගු රෝගය නැවතත් රට තුළ උත්සන්න වෙමින් පවතී. විශේෂ ඩෙංගු මර්දන ජාතික මෙහෙයුමක් ජූනි 24, 25 සහ 26 යන තෙදින පුරා දිවයින පුරා ක්‍රියාත්මක වේ.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ පසුගිය වසරට වඩා ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බැවින්, උද්ගතව ඇති මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අප පෙරට ආ යුතුය. නිවැරදි සෞඛ්‍ය පුරුදු හඳුනාගෙන වගකීමෙන් ක්‍රියා කිරීම අප සැමගේම යුතුකමකි.

ඩෙංගු ගැන ඔබ දැනගත යුතුම කරුණු

121247846 gettyimages 1163277202 1.jpg 

ඩෙංගු වෛරසයේ ප්‍රභේද 4ක් (DENV 1-4) පවතී. එනිසා එකම පුද්ගලයකුට ජීවිත කාලය තුළ කිහිපවරක් ඩෙංගු වැළඳිය හැකිය. ආසාදිතයන්ගෙන් 75%ක්ම කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, රෝගය පෙන්නුම් කරන්නේ 25%ක් පමණි.

තද උණ සමඟ අධික හිසරදය, ඇස් යට වේදනාව, මස්පිඬු හා සන්ධි වේදනාව, ඔක්කාරය, වමනය සහ සමේ රතු ලප හටගැනීම ඩෙංගු රෝග ලක්ෂණ වේ.

ඩෙංගු කල්තියා හඳුනා ගන්නේ කෙසේ ද...?

121228437 gettyimages 496443858 170667a.jpg

උණ වැළඳී මුල් දිනවල ම කරනු ලබන NS1 ප්‍රතිදේහ පරීක්ෂණය මඟින් ඩෙංගු රෝගය හඳුනාගත හැකිය. එහි ප්‍රතිඵලය සෘණ වුවද උණ පවතී නම්, වෛද්‍ය උපදෙස් මත දිගටම පරීක්ෂාවෙන් සිටීම අනිවාර්ය වේ.

ඩෙංගු මදුරුවාගේ හැසිරීම

121228327 gettyimages 955631530 170667a.jpgඊඩිස් ඊජිප්ටයි

ඩෙංගු පතුරුවන ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් ගැහැණු මදුරුවන් බිත්තර දමන්නේ පැහැදිලි, ගලා නොයන රැඳී පවතින ජලයේය. මෙම මදුරුවන් වඩාත් සක්‍රීයව ලේ උරා බොන්නේ උදෑසන 6.00 - 10.00 සහ සවස 3.00 සිට ඇඳිරි වැටෙන තෙක් කාලය තුළ දී ය.

 

ඩෙංගු පැතිරීම වැළැක්වීමට

121228435 gettyimages 516032684 170667a.jpg

01) ගෙවත්ත සහ අවට ජලය රැඳෙන සියලු ම ද්‍රව්‍ය සතිපතා පිරිසිදු කර විනාශ කරමු. මදුරුවන් බිත්තර දමන ස්ථාන සහ බෝ වෙන්න ඉඩ තියෙන ස්ථාන විනාශ කරන්න.

02) කුණු ඉවත් කරද්දී පිළිගත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පාවිච්චි කරන්න.

03) මදුරුවන් සක්‍රීය වන උදේ සහ සවස් කාලයේ දී මදුරු විකර්ශක (Repellents) භාවිත කරමු.

04) අත් පා හොඳින් ආවරණය වන පරිදි සැහැල්ලු, දිගු ඇඳුම් ඇඳීමෙන් මදුරු දෂ්ටන අවම කරගනිමු.

05) දැනුවත්භාවය වැඩි කර ගන්න දායක වෙන්න.

නිතරම වටපිටාව පිරිසිදුව තියා ගන්න එක ගැන සමාජය දැනුවත් කරන්න ඔබේ යුතුකම් කොටස ඉටු කරන්න.

130161460 gettyimages 1237346842 594x594

මේ වගේ සමාජය දැනුවත් කරන අධ්‍යාපනික වැඩසටහන්වලින් මදුරුවන් බෝ වෙන තැන් විනාශ කරන්න පොදු ජනතාව ගේ ක්‍රියාකාරී දායකත්වය ලබා ගන්න පුළුවන්. ඩෙංගු වගේ ම වෙනත් ඕනෑම වසංගත රෝග තත්ත්වයක් පාලනය කර ගන්න නම් හැසිරීමේ වෙනස් කම් කර ගන්න කැමති ජන සමාජයක් සිටීම වැදගත් පියවරක් කියන එක තමයි බොහෝ විද්වතුන්ගේ මතය. පිරිසිදු පරිසරයක ජීවත් වෙන එකෙන් ඩෙංගු විතරක් නෙවෙයි, සෞඛ්‍යට තර්ජනයක් විය හැකි සෑම ගැටලුවක් ම අවම වෙනවා.

මේ විශේෂ ඩෙංගු මර්දන ජාතික මෙහෙයුමේ දී, අපේ වගකීම ඉටු කරමින් ඩෙංගු උවදුරෙන් තොර සමාජයක් ගොඩනැගීමට එක්වෙමු

 

 WhatsApp Image 2026 06 25 at 7.52.56 AM

 

 

 

 

 

Sisira Senpathi Kahawaththa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න