#lka

  • හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප!

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ  ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කොට තිබෙනවා.

  • "දැන් නම් අමාරුයි" හුදු සටන් පාඨයක් පමණක් නොවේ

    "දැන් නම් අමාරුයි" යන තේමාව යටතේ මහජනතාව, සිවිල්  සංවිධාන, දිනන දකුණ සාමූහිකයේ මූලිකත්වයෙන්  අද (01) දිනයේ කොළඹ නගරය ආශ්‍රිතව සංකේතාත්මකව  විරෝධතා මාලාවක් සංවිධානය කර ඇත්තේ  විදුලි බිල, ගෑස් මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ පීඩාවට පත් ජනතාවගේ වේදනාව නිරූපණය කරනු පිණිසය.

  • 2019 පාස්කු ප්‍රහාරය පිටුපස තිබූ ලෝක බලවතුන් ගේ දේශපාලන බලපෑම්, ලංකාවේ බුද්ධි අංශවල ක්‍රියාකලාපය සහ චීනය-රාජපක්ෂ සමග පැවති රහසිගත සම්බන්ධතා

    2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, පල්ලි තුනක් සහ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින්, දකුණු ආසියානු ත්‍රස්තවාදයේ ඉතිහාසයේ පමණක් නොව ගෝලීය පිළිවෙළෙහි වෙනස්වන ගෘහ නිර්මාණ ශිල්පයේ ද වැදගත් අවස්ථාවක් නියෝජනය කරයි.

  • 80 දශකයෙන් ඉක්බිති මාධ්‍යයට සිදු වූයේ කුමක් ද...? - Ideas front වීඩියෝවක්

    80 දශකය තෙක් මාධ්‍යවේදියා මෙන් ම මාධ්‍යය ද කිසියම් ප්‍රමිතිගත තත්ත්වයක පැවත, 83 ජූලි කලබලයෙන් ඉක්බිති ඇතැම් මාධ්‍ය ජාතිවාදයට නැඹුරුව, මින් විසිපස් වසරකට පෙර මාධ්‍යවේදියා සහ මාධ්‍ය අවප්‍රමාණයට ලක් වූ බවත් එම විසිපස්වසරින් ඉකිබිති කවුරුන් හෝ මාධ්‍යවේදියා ගේ හෝ මාධ්‍යයේ සමාජ විද්‍යාව සොයා ගන්නේ නම් එය, අපූරු සොයාගැනීමක් විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • අතුරුදන් වූ ඩොලර් ලක්ෂ 25ක වාරිකය පිළිබඳ විධිමත් තොරතුරු කෝ...? - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    ''අප රටෙන් ගෙවන්නට තිබූ ඩොලර් ලක්ෂ 25ක වාරිකයක් පසුගිය දිනවල අතුරුදන් වී වංචනික ලෙස රටට අහිමි වුණ බවත්, මෙහි බර රටේ බදු ගෙවන්නන්ට දරන්නට සිදුවන නමුත් මේ ගැන තවමත් හරිහමන් තොරතුරක් නොමැති අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ යුතුකම යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.

  • අන්තර්ජාල වංචාවේ සැකකරුවන් 15 දෙනකු නඩුවෙන් මුදා හැරේ

    අන්තර්ජාලය හරහා නීති විරෝධී ක්‍රියා සිදු කරන බවට සැක පිට කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විදේශ ජාතිකයන් 49 දෙනා අතරින් 15 දෙනෙක් මෙම නඩුවෙන් මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (17) නියෝග කළේ ය.

  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මානව හිමිකම් කොමිසමට කැඳවයි

    මානව හිමිකම් කොමිසම විසින් අද දහවල් 2 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි කැඳවා ඇත. ඒ සුරේෂ් සලේ බිරිඳ මනෝරි සලේ සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමසීම සඳහා ය.

  • අල්ලස් කොමිසමට යැවූ ලිපිය දැනගැනීම අපරාධයක් නම් නඩු දාන්න – ජනපති කියයි

    අල්ලස් කොමිසමට පැමිණීමේ දිනය වෙනස් කර ගැනීමට අවශ්‍ය බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැවූ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක  විසින් දැනගැනීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතා බහ පිළිබද සිරස රූපවාහිනී නාලිකාවේ පැවැති වැඩසටහනක දී මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.

    ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක  ප්‍රකාශ කළේ තමන් එය දුටුවේ ප්‍රවෘත්ති හරහා බවයි.

    එසේම රටේ ජනාධිපතිවරයා ලෙස තමන් එය දැනගත යුතු බව ද ඔහු සඳහන් කළේය.

    ඊට අමතරව තමා එය දැනගැනීම අපරාධයක් නම්, නීති විශාරදයෙක් වන රනිල් වික්‍රමසිංහට නඩුවක් ගොනු කිරීමේ හැකියාවක් ද පවතින බව ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

  • අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි පුද්ගලයාට එරෙහි නඩුව නොවැම්බර් 11තෙක් කල් යයි

    අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තා  සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන නොවැම්බර් මස 11 තෙක් කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (17) නියෝග කළේ ය.

  • අවේලාවෙහි නිවසකට ඇතුළු වූ හිමිනමක් වරද පිළිගනී

    එප්පාවල, ඇඳගල නල්ලමුදාව බටහිර ප්‍රදේශයේ පිහිටි නිවසකට අවේලාවේ ඇතුළු වූ ප්‍රදේශයේ විහාරස්ථානයක 42 හැවිරිදි විහාරාධිපති හිමිනමක් ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාර දෙන ලද පුවතක් එප්පාවල පොලිස් වසමෙන් වාර්තා වේ.

  • අස්වැසුමෙන් අසාධාරණයට ලක්වූ පිරිස් ගැන සොයන්න විශේෂඥ කමිටුවක්...

    අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

    විෂයභාර අමාත්‍ය විජිත හේරත්ගේ උපදෙස් මත එම කමිටුව පත් කර ඇත.

    එම තීරණය ගෙන ඇත්තේ, දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් කළ කරුණු විමසීමේදී පැවති ගැටලුකාරී තත්ත්වය හේතුවෙනි.

    සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න  සඳහන් කළේ, සමෘද්ධිලාභීන් ලෙස ප්‍රතිලාභ ලබමින් සිටි අස්වැසුම ප්‍රතිලාභ අහිමි වූ පුද්ගලයින් පිළිබඳව ඉන් සොයා බැලෙන බවයි.

  • ආන්දෝලනයට තුඩු දුන් නඩු පිළිබඳ ජනාධිපති සහ නීතිපති අතර සාකච්ඡාවක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.

    නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු බවත්, මහජන අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

    එසේ මහජන අපේක්ෂා බිඳ වැටීමට රජයක් ලෙස කටයුතු නොකරන බවත්, ජනතාවගේ සිත් තුළ බිඳ වැටී තිබුණු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

    අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ද, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • එල්නීනෝ තත්ත්වයට මුහුණ දෙන්න කඩිනම් කාර්ය සාධන බළකායක් ස්ථාපිත කරමු - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    අනාගතයේ දී පැමිණීමට නියමිත එල්නිනෝ තත්ත්වය මුහුණ දීම සඳහා කඩිනමින් ම කාර්ය සාධන බළකායක් ස්ථාපිත කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • එල්නීනෝ ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 03කට බලපෑම් සිදු කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    එල්නීනෝ ලානීනා තත්ත්වයේ බලපෑම ප්‍රධාන ක්ෂේත්‍ර 03කට සහ ප්‍රතිපත්ති මාලා 03කට බලපාන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • කැබිතිගොල්ලෑව; ඛේදවාචකයෙන් විසි වසරකට පසු

    කැබිතිගොල්ලෑව යැයි ගමක් ගැන, කවුරුවත් එතරම් දැන සිටියේ නැත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු සීමාවට වන්නට පිහිටි කැබිතිගොල්ලෑව මුළු රට ම හඳුනාගන්නේ ලොව ම කම්පාවට පත් කළ එක් ඛේදනීය සිදුවීමක් නිසාය.

  • කෙහෙළියගේ පුතාගේ සුඛෝපභෝගී නිවාස දෙකක පරිහරණය තහනම් කරයි

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක තිබෙන නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් අද (19 වැනිදා) තහනම් නියෝගයක් නිකුත් කළේය.

    අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා දෙසැම්බර් මස 19 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කරන ලදී.

    අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ රමිත් රඹුක්වැල්ල විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි "කැපිටල් රෙසිඩන්සි" නමැති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක පිහිටි නිවාස දෙකක් රුපියල් මිලියන 80ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවයි.

    මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ඊට අදාළව එම දේපළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ දේපළ ලබන දෙසැම්බර් මස 19 වනදා දක්වා තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

  • ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කරයි

    2009 වසරේ සිට මේ දක්වා කාලසීමාවේ ගල් අඟුරු ආනයනයේ දී සිදු වු බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ඩී. වී. බන්දුලසේන ඇතුළු විමර්ශන නිලධාරීහු පසුගිය 14වන දා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.

  • ඡන්ද පෙට්ටි ගැන විශේෂ නිවේදනයක්

    ඡන්දය අවසන් කිරිමෙන් පසු ඡන්ද පොළට රැගෙන එන ඡන්ද පත්‍රිකා බහාලු ඡන්ද පෙට්ටිය කිසිදු වෙනසක් නොමැතිව නියමිත ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යනවාද ? යන්න සම්බන්ධයෙන් පවතින සැකය දුරුකිරිමට කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ එවැනි වු ආකාරයේ අක්‍රමිකතාවයන් සිදුනොවන නමුත් සැකය දුරු කිරිම සඳහා අගුලු දැමු ඡන්ද පෙට්ටි විනිවිද පෙනෙන බෑගයක දමා රැගෙන එ්මට උපදෙස් දී තිබෙන බවය.

    තවද ඡන්ද පෙට්ටි මුද්‍රා තැබිමේදි අහඔු ලෙස තෝරාගත් ඡන්ද පොළ කාර්ය මණ්ඩල සාමාජිතයෙක් හෝ ඡන්ද පොළ නියෝජිතයින් විසින් අත්සන් කරන ලද මුල්පිටපත එහි අලවා එක් පිටපතක් ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙතද අනෙක් පිටපත ඡන්ද පොළ නියෝජිතයින්ය නිකුත් කරන බව පවසයි.

    මෙහිදී ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාවද ලබාදී තිබෙන බව සඳහන්ය.

    ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරිමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් පැමිණීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.

    එසේ යාමට අවශ්‍ය නම් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම, පසුපසින් පැමිණෙන වාහනයේ අංකය සහ වාහනයේ සිටින නියෝජිතයාගේ නම ඇතුලත් විස්තර වාර්ථාවක් ඡන්ද විමසීමේ දිනයට දින තුනකට පෙර බලයලත් නියෝජිතයකු විසින් දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලය වෙත ලබාදිය යුතුය.

    ඒ සඳහා නිකුත් කරන වාහන බලපත්‍රය අදාළ ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.

  • ජනපතිට අපහාස කළා කියන තුසිත හල්ලොලුව CID යට කැඳවයි !

    ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

    ඒ අනුව, එම ප්‍රකාශය මඟින් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදු වී ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සඳහා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(6) වගන්තිය ප්‍රකාරව වූ දැන්වීමක් යොමු කරමින් මාධ්‍ය ඔස්සේ එම ප්‍රකාශය කරන ලද තුසිත හල්ඔළුව යන අයට හෙට (07) උදෑසන 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇත.

    ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත විසින් පසුගිය 04 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කළේය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක ග්‍රීසියේ විශාල ආයෝජනයක් කර ඇති බවට තුසිත හල්ලොලුව පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශකර සිටියේය.

  • ජනාධිපති අරමුදලෙන් අලුත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්

    ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විසින් දැනට ප්‍රදානය කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව අලුත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

    ඒ අනුව පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද 2024 මැයි මස සිට ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතය.

    පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ මෙරට ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක් වන අතර දිවයින පුරා පිහිටි පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන 822 ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    මේ යටතේ එක් පිරිවෙනකට/ සීලමාතා අධ්‍යාපන ආයතනයකට පිරිනැමෙන උපරිම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 06කි. ඒ අනුව පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපති විසින් තම පිරිවෙනට/ සීලමාතා අධ්‍යාපන ආයතනයට අදාළ ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීම සිදු කළ යුතුය.

    කාණ්ඩ දෙකක් යටතේ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙන අතර මේ යටතේ ගිහි පැවිදි ශිෂ්‍යත්වලාභීන් 5000ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අපේක්ෂා කෙරේ. පළමු කාණ්ඩය යටතේ මසකට රුපියල් 3000/- බැගින් 2024 මැයි මස සිට මාස 12ක් සඳහා ද, දෙවන කාණ්ඩය යටතේ මසකට රුපියල් 6,000/- බැගින් මාස 24ක් සඳහා ද ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබේ.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අයදුම්පත්‍රය ජනාධිපති අරමුදලේ www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියේ සහ www.facebook.com/president.fund නිල Face Book පිටුවෙන් ලබාගත හැකිය.

    එසේම මෙම අයදුම්පත්‍රය හා උපදෙස් පත්‍රිකාව 2024-05-10 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට ද කටයුතු සැලසුම් කර ඇත.

    මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සුදුසුකම් ලබන ගිහි පැවිදි ශිෂ්‍යත්ව අයදුම්කරුවන් නිසි පරිදි සම්පූර්ණ කරන ලද තම අයදුම්පත්‍රය 2024 මැයි 22 දිනට පෙර පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපති වෙත පමණක් භාරදිය යුතු අතර පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපතිවරුන් විසින් තෝරාගත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛන ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමට හැකිවන පරිදි කලාප භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ( පිරිවෙන්) මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ වෙත එවනු ඇත.

    අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලබන, දැනට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව විසින් ලබා දෙනු ලබන අරමුදල් මඟින් ජනාධිපති අරමුදලේ මෙහෙයුම් සහයෝගය මත ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබේ.

    මෙම ශිෂ්‍යත්ව වැඩසටහනද දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ යටතේ කලාපයකට අවම වශයෙන් ශිෂ්‍යත්ව 50ක් ලබාදීමට සැලසුම් කර ඇත. මේ සඳහා සුදුසුකම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024 මැයි මස සිට අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මාස 24ක උපරිම කාල සීමාවකට යටත්ව මසකට රුපියල් 6000/- බැගින් ශිෂ්‍යත්ව මුදල් ප්‍රදානය කරනු ලැබේ.

    මෙම ශිෂ්‍යත්ව ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් හා අනෙකුත් සියලුම විස්තර ජනාධිපති අරමුදලේ www.facebook.com/president.fund යන නිල Face Book ගිණුමෙහි හා www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියේ සහ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

    එසේම මේ සම්බන්ධ තොරතුරු විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේද පළ කිරීමට කටයුතු කර ඇත.

    මෙම ශිෂ්‍යත්ව ඉල්ලුම් කිරිමට සුදුසුකම් සහිත ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2024 මැයි මස 22 හෝ ඊට පෙර සෘජුවම ජනාධිපති අරමුදල වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

    එසේම මෙම අයදුම්පත්‍රය හා උපදෙස් පත්‍රිකාව ද 2024-05-10 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සැලසුම් කර ඇත.

    මේ අතර 2024 පෙබරවාරි 07 වන දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් කළ ආකාරයට ජනාධිපති අරමුදල විසින් 2024 වර්ෂය තුළ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබෙන අතර ඒ සියල්ල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

    අධ්‍යාපන කටයුතු සඳහා ආර්ථික අපහසුතා සහිත 2022/2023 වර්ෂයේ අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිට එම විභාගය සමත්ව අ.පොස (උ.පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් දිවයිනේ අධ්‍යාපන කලාප 100 අතුරින් එක් කලාපයකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 60දෙනෙකු බැගින් තෝරාගෙන අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මසකට රුපියල් 6000/- බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකය.

    දැනට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්වලාභීන් 6000ක් තෝරාගෙන අදාළ ශිෂ්‍යත්වලාභීන් පිළිබඳ විස්තර ජනාධිපති අරමුදලේ නිල Face Book පිටුවේ හා නිල වෙබ් අඩවියේ පළ කර තිබේ. මෙම ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අප්‍රේල් මස සිට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර හිඟ මුදල් ද සමඟ අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට නියමිතය.

    මේ අතර අධ්‍යාපන කටයුතු සඳහා ආර්ථික අපහසුතා සහිත 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000ක් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇත.

    මෙම වැඩසටහන යටතේ මෙරට තිබෙන පාසල් 10,126 ආවරණය වන පරිදි එක් පාසලකට අවම වශයෙන් ශිෂ්‍යත්ව 04ක් හා උපරිම වශයෙන් ශිෂ්‍යත්ව 22ක් ලැබෙන පරිදි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000ක් සඳහා මසකට රුපියල් 3,000/- බැගින් ශිෂ්‍යත්ව ලබා දීමට ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ කටයුතු දැනට සිදු කරමින් පවතින අතර මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු නුදුරු දිනකදීම සිදු කිරීමට නියමිතව ඇත.

    දැනට මෙම ශිෂ්‍යත්ව අයදුම්කරුවන් පිළිබඳව විස්තර කලාප අධ්‍යාපන කාර්යාල මඟින් ජනාධිපති අරමුදල වෙත ලැබෙමින් පවතින අතර අදාළ සියලුම විස්තර පරිගණක ගතකර අවසන් කළ පසු මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු සිදු කරන අතර එක් එක් ශිෂ්‍ය/ ශිෂ්‍යාව වෙනුවෙන් ආරම්භ කර ඇති බැංකු ගිණුම් වෙත මාසිකව සෘජුවම අදාළ මුදල් බැර කර ශිෂ්‍යත්වලාභියා වෙත කෙටි පණිවිඩයක් (SMS) මඟින් ඒ පිළිබඳව දන්වා යැවීමට කටයුතු සලසා තිබේ.

Page 1 of 4

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න