කෙහෙළියගේ පුතාගේ සුඛෝපභෝගී නිවාස දෙකක පරිහරණය තහනම් කරයි

කෙහෙළියගේ පුතාගේ සුඛෝපභෝගී නිවාස දෙකක පරිහරණය තහනම් කරයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක තිබෙන නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් අද (19 වැනිදා) තහනම් නියෝගයක් නිකුත් කළේය.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා දෙසැම්බර් මස 19 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කරන ලදී.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ රමිත් රඹුක්වැල්ල විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි "කැපිටල් රෙසිඩන්සි" නමැති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක පිහිටි නිවාස දෙකක් රුපියල් මිලියන 80ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ඊට අදාළව එම දේපළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ දේපළ ලබන දෙසැම්බර් මස 19 වනදා දක්වා තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න