Language Switcher

V2025

ආර්ථිකය වර්ධනය කරන ආණ්ඩුවේ උපක්‍රමය සාර්ථක නෑ : මූඩීස් ආයතනයෙන් අයවැය විග්‍රහයක් !

ශ්‍රී  ලංකා රජයේ 2021 අයවැය ලේඛණය වේගවත් ආර්ථික වර්ධනයක් ඉලක්ක කරගත්, කඩා වැටී ඇති ආර්ථිකයට උත්තේජනයක් සැපයීම සදහා  විශාල වශයෙන් ණය ලබා ගෙන ආර්ථිකය ඉහළට ගෙන ඒමට දරණ ප්‍රයත්නය සාර්ථක එකක් විය නොහැකි බව ජාත්‍යන්තර මූඩීස් ( Moodys) පර්යේෂණ ආයතනය පවසයි.
 
2020 වර්ෂයේ ඉලක්ක කර ඇති අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදිතයෙන් 7.9 කි.
 
මූඩීස් ආයතනය තවදුරටත් පවසන්නේ 2021 වර්ෂයේදී ඒ හා (9%) සමාන අයවැය හිඟයක් රජය අපේක්ෂා කරන බවයි. මෙම තත්වයේ යහපත් ප්‍රවණතාවයක් දැකිය හැක්කේ 2023 වර්ෂයේ බවද  අයවැය ලේඛණය  ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයාද ප්‍රකාශ කර ඇති අතර  2023 වන විට රාජ්‍ය ණය
දළ ජාතික නිෂ්පාදිතයෙන් 100% ඉක්මවිය හැකි අතර දැනට එහි අනුපාතය 86% කි.
 
එහෙත් රජයේ මුදල් ප්‍රවාහයේ ගමන් මග විග්‍රහ කිරීමේදී දැනට රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට කිසිදු උත්සාහයක් දරා නොමැති බව ද අවධාරණය කරයි.
 
අධික ණය ගෙවීම්, අධික පොළී ගෙවීම් , ආයෝජනයන් නොවන රජයේ වැය ශීර්ෂ, රජයට මහත් බරක් වී ඇති දෙගොඩ ගලා යන රාජ්‍ය සේවකයන් නඩත්තු කිරීම සහ තව තවත් බඳවා ගැනීම් සහ ආරක්ෂක කටයුතු මහාමාර්ග ඉදිකිරීම්, වැනි ආර්ථිකයට ඵලදායී නොවන කාර්යයන් සඳහා වියදම් කිරීම තුළ 2021 අයවැය ලේඛණය මඟින් අපේක්ෂිත ප්‍රතිඵල කිසිවක් ලබා ගත නොහැකි බව මූඩීස් ආයතනය පෙන්වා දෙයි.
 
විදේශ ණය  සේවා කිරීම සදහා 2025 දක්වා වාර්ෂිකව ඩොලර් බිලියන 4.1 ක් බැගින් ඩොලර් බිලියන 21.6 ක් සොයා ගැනීමට රජයට සිදු වී ඇත. 
 
කොව්ඩ් 19 වසන්ගතය නිසා විදේශ රැකියා අංශයෙන් ලැබුණ ඩොලර් බිලියන 7 ක පමණ ප්‍රමාණයෙන් කොටසක් ද, ලෝක ආර්ථික අර්බුදය හමුවේ අපනයනය පහළ වැටීම නිසා තවත් ඩොලර් බිලයන 4 ක් පමණද සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා තවත් ඩොලර් බිලියන 5 ක් පමණ අහිමිවීම 2021 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ අයවැය ලේඛණය මතට වැටෙන මහත් බරක් බවද ඔවුන් තව දුරටත් පෙන්වා දෙයි.
 
දළ වශයෙන් 2021 වර්ෂයේදී රජය බිලියන 1920 ක් පමණ දේශීය සහ විදේශීය ණය අපේක්ෂා කරන අතර එම මුදල් ආයෝජනය කරන ආකාරය පසුගිය ඔක්තෝබර් මාසයේ ඉදිරිපත් කරන ලද 2021 විසර්ජන කෙටුම්පතින් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී.
 
එහෙත් මූඩීස් ආයතනය දේශීය පරිභෝජන රටාව එයාකාරයෙන්ම පවත්වාගෙන යාමට උත්සාහ කිරීමත්, දේශීය ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීමට නොදී පවත්වාගෙන යාමට උත්සාහ කළත් රජය විසින්ම ගන්නා ලද ආනයනයන් සීමා කිරීමේ ප්‍රතිපත්තිය යම් ආකාරයට වර්ධනය සඳහා බලපාන බවද  සඳහන් කරයි.
 
2020 ට සාපේක්ෂව රජයේ ඉදිරි වර්ෂයේදී ‍රජයේ ආදායම 28% කින් වැඩි වන ආකාරයට ඇස්තමේන්තු සකස් කිරීම ද තර්කානුකූල නොවන බව එම ආයතනය පෙන්වා දෙයි.
 
කතෘ සටහන :
 
2019 දෙසැම්බර් මස සිට සියලුම ව්‍යාපාරිකයන් විසින් ගෙවන ලද විවිධ වර්ගයේ බදු මුදල් කපා හැරීම නිසා රජය අහිමි කර ගත් බදු ආදායම රුපියල් බිලියන 600 කට ආසන්නය.
 
2021 අයවැය ලේඛණයෙන් එම මුදල් නැවත සෘජුවම පාරිභෝගිකයාගෙන් අයකර ගැනීම සඳහා භාණ්ඩ 2574 කට සෙස් බද්දක් සහ අනෙක් භාණ්ඩ සඳහා භාණ්ඩ සහ සේවා බද්ද පැනවීමට රජය කටයුතු කරමින් සිටී.