Language Switcher

V2025

එළවළු මිල 300%කින් ඉහළට !

අත්‍යවශ්‍ය ආහාර මෙන්ම එළවළු මිලද වෙළෙඳපොළ තුළ 300%කින් පමණ ඉහළ යාම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.සහල්, පොල්, ලුණු, අල මෙන්ම එළවළු වර්ගවල මිල ගණන්ද මෙලෙස සඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

සුදු කැකුළු කිලෝව රුපියල් 120 ඉක්මවා ගොස් ඇති අතර, සම්බා සහල් කිලෝව රුපියල් 140 ඉක්ම ගොස් තිබේ.

පොල් ගෙඩියක මිලද රුපියල් 120 ඉක්මවා ගොස් ඇත.

මීට අමතරව අමු මිරිස් කිලෝවක් රුපියල් 1,300ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇට විසිකළ සැණින් පැළ වන බවට ප්‍රකාශ වූ වට්ටක්කා කිලෝවක මිලද රුපියල් 200ක් ඉක්මවා ගොස් තිබේ.

එසේම කැරට් හා ලීක්ස් කිලෝවක මිලද රුපියල් 300 දක්වා පැමිණ ඇත.

එසේම බටු කිලෝවක් ද රුපියල් 240 දක්වා ඉහළ ගොස් තිබේ.මිල ඉහළ යාම නිසා අත්‍යවශ්‍ය ආහාර මිල පාලනයට කටයුතු කරන බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර ඇත.

තොග වෙළඳුන් සඳහන් කරන්නේ ප්‍රමාණවත් එළවළු තොග නොලැබීම හේතුවෙන් මෙලෙස එළවළු ඇතුළු ආහාර මිල ගණන් ඉහළ ගොස් ඇති බවකි.

Lanka truth