Language Switcher

V2025

විදේශිකයින්ට ඇඳිරි නීතිය සමයේ විශේෂ වරප්‍රසාදයක්

මෙරට සංචාරය කරන විදෙස් සංචාරකයින් මහනුවර සංචාරය කිරීමේදී යම්කිසි ආකාරයකට ඇඳිරි නීතිය පනවා ඇති සමයේ සිය ගමනාන්ත වෙත ළඟාවීම සඳහා අවසර පතක් ලෙස ආගමන විගමන බලපත්‍රය වලංගු බව රජය නිවේදනය කරයි.

මහනුවර කේන්ද්‍රීයව ඇතිවී තිබෙන ජාතිවාදී ප්‍රහාරයන් හමුවේ විදෙස් සංචාරකයින් දුෂ්කරතාවයට මුහුණදීම වැළක්වීමේ අරමුණින් මෙම තීන්දුව නිකුත් කර ඇති බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කර සිටියි.

එසේම මේ තීන්දුව සම්බන්ධව ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවත් ඒ හේතුවෙන් කිසිඳු විදෙස් සංචාරකයකු කිසිඳු අපහසුතාවකට ලක්නොවෙතැයි අපේක්ෂා කරන බවත් ඊට සියල්ලන්ගේ සහය ලැබෙනු ඇති බව විශ්වාස කරන බවත් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.