Language Switcher

V2025

ආණ්ඩුවේ ජාතික අපරාධයක් : සැහැල්ලු දුම්රිය අත්හැර දැමුවාට ජපානයට මිලියන 5896 ක් ගෙවන්න වෙලා !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය පත්වීමත් සමඟ අවලංගු කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියකට සම්බන්ධ වූ ජපානය පදනම් කරගත් උපදේශන සමාගමට ශ්‍රී ලංකාව ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 5,896 ක් බව විගණකාධිපතිවරයා අනාවරණය කර තිබේ.

ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සදහා මාස ගණනාවක් පුරා අවශ්‍ය කටයුතු සැකසීමෙන් පසුව අදාළ සමාගමට මෙම ව්‍යාපෘතිය නතර කරන ලෙසට ශ්‍රී ලංකා රජය විසින් දැනුම්දෙන ලදි.

එවකට පාඨලී චම්පික රණවක  අමාත්‍යධූරය දැරූ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියත්මක වූ මෙම ව්‍යාපෘතිය ජපානයේ ජයිකා ආයතනයේ සහණදායී ණය පහසුකමක් යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් වන අතර කොළඹ කොටුවේ සිට මාළඹේ දක්වා කණු මතින් ඉදිවන දුම්රිය මාර්ගයක් සහ සැහැල්ලු දුම්රිය ප්‍රවාහන පද්ධතියක් ඊට ඇතුළත්ය.

ණය ගිවිසුම් අංක 2019011 යටතේ මෙම ව්‍යාපෘතිය ගැන විමර්ශනය කළ විගණකාධිපතිවරයා විසින් ඉහත මුදල ජපාන සමාගම වෙත ගෙවා ඇති බවට අනාවරණය කර ඇති අතර එය රජයේ කිසිදු විධිමත් මූල්‍ය ප්‍රකාශනයක සදහන් කර නොමැති බවද දක්වා ඇතැයි වාර්තා වේ.

(මව්රට )