Language Switcher

V2025

තෙල් ගැන බොරු කියපු නාලිකාවකට ලෙඩක්

මේ වෙනුවෙන් දැනටමත් ආණ්ඩුවට සම්බන්ධ නීතිවේදීන් පිරිසක් නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා අවශ්‍ය මුලික තොරතුරු එකතු කිරීමෙහි නිරතව සිටින බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

පසුගියදා ඉන්දීය තෙල් සංස්ථාවෙන් ගෙන්වන ලද තෙල් නැව නියමිත ප්‍රමිතියෙන් යුතුව නොතිබීම හේතුවෙන් ප‍්‍රතික්ෂේප වීමත් සමඟ රටේ තෙල් හිඟයක් ඇතිවනු ඇති බවට ප‍්‍රචාරය වීම ඇරඹුණු අතර ඒ සමඟ රටේම ජනතාව ඉන්ධන පිරවුම් හල් අසල පෝලිම් ගැසී සිටිනු දැකිය හැකි විය.

පසුගිය නොවැම්බර් 09 දා නැවත මෙරටට තෙල් නැවක් පැමිණෙන තෙක් දින 05ක කාලයක් මෙම අර්බුදය පැවතුණි. එසේම ඉන් අනතුරුවත් වරින් වර ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ගැසෙනු දක්නට ලැබුණු නමුත් ඒ සිදුවුයේ තෙල් සංස්ථාව සතු කොළොන්නාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල ප‍්‍රධාන ගබඩාවල ඇති ඉන්ධන සහ රටපුරා ඇති උප බෙදාහැරීම් මධ්‍යස්ථාන දහයේ තෙල් ද නිකුත් කරන්නට ගෙන තිබු පසුබිමකය.

කෙසේවුවත් පසුව හෙළිවූ කරුණු අනුව පැවසුණේ තෙල් හිඟයක් ඇති බව මාධ්‍ය හරහා ප‍්‍රචාරය වීමත් සමඟ බිය වූ ජනතාව වැඩිපුර තෙල් ලබා ගෙන ගබඩා කරගෙන ඇති බවය.

මෙරට විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා නිකුත් කරන බලපත‍්‍ර නිකුත් කිරීමේ බලතල ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට වන නමුත් සංඛ්‍යාත පිළිබඳ බලපත‍්‍ර නිකුත් කරනු ලබන්නේ දැනට ජනාධිපතිවරයා යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහාය. ඒ අනුව කිසියම් විද්‍යුත් මාධ්‍යක් සිය මාධ්‍ය භූමිකාව ජනතාවගේ දෛනික ජීවිතය අර්බුදයට පත්වන ආකාරයට නොමඟ යැවීම සඳහා භාවිතා කරනවා නම් ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිර්දේශය මත අදාළ ආයතනයේ බලපත්‍රය අත්හිටුවීමට හැකියාව ඇති බව නීතිවේදීන් සඳහන් කර සිටියි.