Language Switcher

V2025

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබෙන බව වාර්තා වෙයි.

අද (02) එම නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර තිබෙන අතර ඊට අනුව සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්කොට තිබෙන්නේ බැංකු ක්ෂේත්‍රෙය් ප්‍රවීණයකු ලෙස සැළකෙන රංජිත් ප්‍රනාන්දු මහතාය.

එසේම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වශයෙන් මනෝ තිත්තවැල්ල, ආචාර්ය රොහාන් පෙරේරා, සුසන්ත කටුගම්පල සහ එයාර් මාෂල් කපිල ජයම්පති යන අය පත්කර ඇත.