Language Switcher

V2025

උපාධිධාරීන් 20,000 කට ජුනි මාසයේ පත්වීම්

රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති බවත් එහිදී තෝරාගත් උපාධිධාරීන් 20000කට ලබන ජූනි මාසයේදී පත්වීම් ලබා දෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

20,000ක් පමණක් තෝරාගත් අදාළ සම්මුඛ පරීක්ෂණ සඳහා උපාධිධාරීන් 57000ක් සහභාගීව ඇත.

කෙසේ වුවත් මෙම බඳවාගැනීම් සිදුකරන්නේ 2016 දෙසැම්බර් මස 31 හෝ ඊට පෙර උපාධිය ලබා ගත් පිරිස් වන බව සඳහන් කරන අමාත්‍යංශය ඔවුනට  මාසිකව රුපියල් 20000ක දීමනාවක් ලබාදීමට නියමිත බවද වාර්තා වෙයි.

එසේම මෙතෙක් වසර දෙකක්ව තිබූ ඔවුන්ගේ පුහුණු කාලය වසරක් දක්වා අඩු කිරීමට ද රජය තීරණය කර තිබෙන බවද අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.